අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල ගණන් අඩුකර තිබේ.
ඒ අනුව පරිප්පු කිලෝවක් රුපියල් 4කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 385කි.
පාන්පිටි කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 250කි.
මේ අතර සුදුළූණු කිලෝවක් රු 35කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 460කි.
ලොකුලූණු කිලෝවක් රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 190ක් වන අතර ලංකාවේ නිෂ්පාදිත ටින් මාළු රුපියල් 5කින් පහත දමා ඇත. එහි නව මිල රුපියල් 490කි.
මේ අතර ඉදිරි සතිය තුළ අත්‍යව්‍යශ භාණ්ඩ මිල තවත් පහත දැමීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මහතා පවසයි.
ඊයේ (13) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකින් පසුව අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මහතා,
“ගිය අවුරුද්දට සාපේක්ෂව බඩු මිලක් අඩුවේලා තියෙනවා. ඔයාලා දන්නවාමාස 5කට 6කට පෙර රුපියල් 585.00ට තිබුණ පරිප්පු කිලෝ එක අද රුපියල් 385යි. රුපියල් 150ක් 200කින් අඩුවෙලා. සීනි කිලෝ එක රුපියල් 125කින් අඩුවෙලා. ඒ වගේම සැමන් ටිං එක රුපියල් 250.00කින් විතර අඩුවෙලා. විශාල වශයෙන් භාණ්ඩ මිල අඩුවෙලා නමුත් මම සෑහිමකට පත්වෙන්නේ නැහැ. තවත් බඩු මිල අඩුවෙන්න ඕනේ කියන තමයි මගේ මතය. උත්සව සමය සඳහා කිසිම භාණ්ඩයක් වැඩිවෙන්නේ නැහැ. වෙළෙඳ අමාත්‍යාංශය වශයෙන් පාරිභෝගිකයාට මේ උත්සව සමය සඳහා අමතර බරක් දාන්නේ නැතුව මේ භාණ්ඩ මිල මේ ගාණේ හෝ තවත් සතියකින් භාණ්ඩ මිල අඩුකරන වැඩපිළිවෙළකට අපි යනවා.”