ශ්‍රී ලංකාවට විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වන ක්‍රියා පිළිවෙත සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා පසුගිය මාර්තු මාසයේදී විශේෂ ක්‍රියා පටිපාටියක් හඳුන්වා දුනි.
ඒ වෙනුවට පහත ක්‍රියා පටිපාටිය 2020 දෙසැම්බර් 26 වැනි දින සිට ක්‍රියාත්මක වේ.
1. ශ්‍රී ලංකා රජය විසින් විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව සංක්‍රමණික ශ්‍රමිකයන්, සිසුන්, රෝගීන්, කෙටිකාලීන වීසා බලපත්‍ර ලාභීන්, රජයේ සහ හමුදා නිලධාරීන්ට රජයේ නිරෝධායන පහසුකම් සඳහා “විශේෂ සියරට පැමිණවීමේ ගුවන් ගමන්” සංවිධානය කරනු ඇත.
2.(i)කෙසේවෙතත්, ශ්‍රී ලාංකිකයන් හෝ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විදේශිකයන් (ද්විත්ව පුරවැසිභාවය දරන්නන්) හට නම් කරන ලද හෝටලයක දී මුදල් ගෙවා නිරෝධායනය වීමට අනුකූලව, කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ එකඟතාවය/උපදේශනය මත පදනම්ව, සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තීරණය කරනු ලබන එක් ගුවන් ගමනක් සඳහා වන මගීන්ගේ සීමාවට යටත්ව, විදේශ ලේකම් (හෝ) සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතියකින් තොරව ඕනෑම වාණිජ/සියරට පැමිණවීම සඳහා වෙන් නොවූ ගුවන්ගමනකින් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසර දෙනු ලැබේ.
(ii)ඉහත විධිවිධානය යටතේ ගුවන් යානයට නැඟීමට අවසර දෙනු ලබන මගීන් මුදල් ගෙවා නිරෝධායනය වීම දැඩි ලෙස පිළිපදින බවට සහතික කිරීම අදාළ ගුවන් සමාගමේ සම්පූර්ණ වගකීම වේ.
නව මාර්ගෝපදේශ පිළිබඳව සිදුකෙරෙන වැඩිදුර ඇගයීම් මත පදනම්ව, ශ්‍රී ලංකාවට පැමිණෙන මඟීන් සඳහා වන ක්‍රියා පිළිවෙත සංශෝධනය කර තිබේ.