ලොව විශිෂ්ටතම සංචාරක ගමනාන්නතය ලෙස ශ්‍රී ලංකාව යළි තේරී පත්ව තිබේ.ඒ, ඔස්ට්‍රේලියාවේ ප්‍රකට පුවත්පතක් වන ‘එස්කේප්’ මගින් සංචාරකයන් යොදවා සිදු කළ සමීක්ෂණ ප්‍රතිපල අනුවය.
මීට පෙර 2019 වසරේදීද ‘ලෝන්ලි ප්ලැනට්’ සගරාව මගින් ලංකාව ලොව විශිෂ්ටතම ගමනාන්තය ලෙස හදුන්වා දුන්නද පාස්කු ප්‍රහාරය මුල් කරගෙන එම තත්ත්වය අහිමිව ගියේය.
නමුත් ලංකාවේ ස්වාභාවික පිහිටීම, වෙරළ තීරය, නැරඹීමට ඇති ස්ථාන, පුරාවිද්‍යාත්මක ස්ථාන, දේශගුණය වැනි කරුණු රැසක් මුල්කරගෙන මෙවර ඔස්ට්‍රේලියානු පුවත්පත මගින් ලංකාව අංක එකේ විශිෂ්ටතම ගමනානාන්තය ලෙස අනාවරණය කොට ඇත.