ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ D කාණ්ඩයේ තරගයක් අද (23) අලුයම පැවැත්වුණේ ඔස්ට්‍රේලියාව සහ වත්මන් පාපන්දු ශූරයන් වන ප්‍රංශය අතරය.
එහිදි ඔස්ට්‍රේලියාව ගෝල 4 ට 1ක් ලෙස පරාජය කිරීමට ප්‍රංශය සමත්වුණි.
මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙක්සිකෝව සහ පෝලන්තය අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණි.
මෙක්සිකෝව සහ පෝලන්තය අතර තරගය ඊයේ (22) පැවැත්වුණේ බොහෝදෙනාගේ කතාබහට ලක්වූ ක්‍රීඩාංගණයක් වන ස්ටේඩියම් නයින්සෙවන් ෆෝ (974) ක්‍රීඩාංගණයේදීය.
ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කන්ටේනර් 974ක් යොදා ගනිමින් නිර්මාණය කර ඇති එම ක්‍රීඩාංගණය ප්‍රවාහනය කළ හැකි ලොව ප්‍රථම පාපන්දු ක්‍රීඩාංගණය ද වෙයි.
ස්ටේඩියම් නයින්සෙවන් ෆෝ (974) ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගය වන්නේ මෙක්සිකෝව සහ පෝලන්ත තරගයය.
එම ක්‍රීඩාංගණයේ ඇරඹී තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තේ කණ්ඩායම් දෙකම ගෝල වාර්ථා කිරීමට උත්සහා කළත් ඔවුන්ට ඊට හැකියාවක් නොලැබීම නිසය.
නමුත් ගෝලයක් රැස්කිරීමට අවස්ථාව 58 වැනි මිනිත්තුවේදී පෝලන්තයට හිමි වූ අතර ඒ දඬුවම් පහර අවස්ථාවකි.
ස්ටේඩියම් නයින්සෙවන් ෆෝ ක්‍රීඩාංගණයට රැස්ව සිටි පෝලන්ත ක්‍රීඩාලෝලීන් සහ මෙක්සිකෝ ක්‍රීඩාලෝලීන්ගේ හදවත නතර කර ඒ දඬුවම් පහර අවස්ථාව එල්ල කළේ
රොබට් ලෙවෙන්ඩෝස්කි විසිනි.
නමුත් පෝලන්තය වෙනුවෙන් එම දඬුවම් පහර අවස්ථාව සාර්ථක කර ගැනීමට
රොබට් ලෙවෙන්ඩෝස්කිට හැකි වුණේ නැත.
මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ D කාණ්ඩයේ තරගයක් පැවැත්වුණේ ඩෙන්මාර්කය සහ ටියුනිසීයාව අතරය.
එම තරගයේදීද නියමිත කාලය අවසන් වන තෙකේ කණ්ඩායම් දෙකටම ගෝල රැස්කිරීමට හැකි වුණේ නැත.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 3ක් අද දිනයේදීත් පැවැත්වීමට නියිමිතය.