මනුෂ්‍ය ඝාතන සැකකරුවෙකුගේ නිවසට පිරිසක් විසින් ගිනි තබා තිබේ.
පොලීසිය සඳහන් කළේ හා නිවසේ නවතා තිබු ත්‍රිරෝද රථයකට සහ යතුරුපැදියකට ද ගිනිතබා ඇති බවය.
මාතලේ පොලිස් වසමේ රණබිමගම ප්‍රදේශයේ නිවසක නිවැසියන් පිරිසකට සැකකරු පසුගියදා කඩුවකින් පහරදී ඇති අතර එහිදී කුඩා දරුවෙකු තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වී ඝාතනය විය.
එකම පවුලේ මව, දියණිය සහ පුතුන් දෙදෙනාට එලෙස අසලවැසි නිවසේ පදිංචිව සිටි සැකරුක පහරදී ඇත්තේ පුද්ගලික ආරවුලක් හේතුවෙනි.
වයස අවුරුදු 38ක් වු මව, 19ක් වන දියණිය හා අවුරුදු 15ක් වන අනෙක් පිරිමි දරුවා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව මාතලේ පොලීසිය සඳහන් කරයි.
කලක සිට පැවති පුද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි මුලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
සැකකරු අපරාධය සඳහා උපයෝගී කරගත් කඩුවද සමගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මාතලේ පොලීසිය විසින් සිදුකරයි.