මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට කොස්ටරිකා රාජ්‍ය ඊයේ (27) සමත්වුණි.
ඒ ජපානය පරාජය කරමිනි.
E කාණ්ඩය යටතේ ජපානය සහ කොස්ටරිකා රාජ්‍ය අතර එම තරගය පැවැත්වුණේ අහමඩ් බින් අලි ක්‍රීඩාංගණයේදීය.
තරගයේ පළමු අර්ධයේදී දෙපිලටම ගෝල වාර්තා කිරීමට අවස්ථාව හිමි වූයේ නැත.
ජපානයට ගෝලයක් වාර්තා කිරීමට තිබූ අවස්ථාවක් කොස්ටරිකා දැල් රකින්නාගේ දක්ෂ දැල් රැකීම හමුවේ ව්‍යර්ථ වුණි.
දෙවන අර්ධයේ 81 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ කොස්ටරිකා ක්‍රීඩකයින් තරගයේ පළමු ගෝලය වාර්තා කළේය.
ඒ අනුව ගෝල 1ට බින්දුවක් ලෙස ජපානය පරාජය කළ කොස්ටරිකා රාජ්‍ය සිය පළමු ජය වාර්තා කළේය.
මේ අතර F කාණ්ඩය යටතේ මොරොක්කෝව සහ බෙල්ජියම අතර පැවැති තරගය ගෝල 2-0 ලෙස බෙල්ජියම පරාජය කිරීමට මොරොක්කෝව සමත් විය.
එමෙන්ම F කාණ්ඩයේ තවත් තරගයක් ක්‍රොඒෂියාව සහ කැනඩාව අතර ඊයේ පැවැත් වුණි.
එම තරගය ගෝල 4-1ක් ලෙස ජයගැනීමට ක්‍රොඒෂියාව සමත් විය.
මේ අතර E කණ්ඩායේ ජර්මනිය සහ ස්පාඤ්ඤය අතර තරගය පැවැති තරගය ජයපැරදුමකින් තොරව අවසන් විය.
ඒ කණ්ඩායම් දෙකම ගෝල 1-1ක් ලෙස ලබාගැනීම හේතුවෙනි.