ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියෙකුගේ වැඩතහනම් කර තිබේ.
රැකියා සඳහා විදෙස් ගතවු ශ්‍රී ලාංකික කාන්තාවන්ට විවිධ හිංසන සිදුකළ බවට ලද තොරතුරු මත සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව එම වැඩතහනම සිදුකර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය.
එලෙස වැඩතහනමට ලක්ව ඇත්තේ, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස කටයුතු කළ ඊ. කේ කුෂාන් නැමැති පුද්ගලයෙකුගේය.
ඔහු මෙරටට ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසීය.