ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ තරග විනිසුරුවන් සහ තීරකයින් මේවන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නම්කර තිබෙනවා.
ඒ අනුව අවසන් තරගයේ විනිශ්චය කටයුතු භාරවන්නේ ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරුන් දෙපළක් වන මරියාස් එරාස්මුස් සහ කුමාර ධර්මසේන දෙදෙනාටයි.
ලබන 13 වැනි ඉරිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සිටින ප්රවීණතම තරග තිරකයෙකු වන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රන්ජන් මඩුගල්ලේයි.