ඔස්ට්‍රේලියාවේ, ටස්මේනියා ප්‍රාන්තයේ පාසලක විනෝද උද්‍යානයක් ආශ්‍රිතව සිදුවූ අනතුරකින් දරුවන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ටස්මේනියා ප්‍රාන්තයේ වර්ෂ අවසානයේ පාසලක පැවති උත්සව අවස්ථාවක දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අධික සුළං තත්ත්වය හේතුවෙන් එහි ප්‍රාථමික පාසලක විනෝද උද්‍යානයක් තුළ තනා තිබූ සුළං පිරවූ සෙල්ලම් මාළිගයක් (Jumping Castle) අඩි 33 ක් ඉහළට ගසා ගෙන ගොස් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
තවත් දරුවන් කිහිපදෙනෙකු කඩා වැටුණු සෙල්ලම් මාළිගයට යට වීමෙන් දරුණු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියාවේ විනෝද උද්‍යාන ආශ්‍රිතව මෙතෙක් වාර්තා වූ දරුණුතම අනතුර මෙය ලෙසයි සැළකෙන්නේ.