එහෙ බරට පාටිලු.
ඒ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාව මෝක්ෂ ප්‍රසාද්ගෙන්.
එක් කොනකින් සර්පිනාව සුසර කරන හඩ සමග ඒ මධුර මනෝරම්‍ය හඩ ඇහෙනවා.අද සිංදු ගොඩකට Play කරන්න වෙයි.ඔහු තමාටම මුමුණයි.ඒ හෙලයේ මහා ගාන්ධර්ව W.D අමරදේව මහතා.
“මාස්ටර් මොකෝ තත්වේ , අද නම් මට තැටිය මැද්දේ කියන්නම ඕනි සුනිලා වෙනුවෙන්..Tempo වැඩි කියන්න එපා..ඔයා සර්පිනාව ගහන්නම ඕනි..
ඒ M.S ප්රනාන්දුගෙ හඩයි..
“සුනිල්ට දැන් වයස කීයද ??
“ඇයි තාත්තේ සුනිලුයි මායි ළග ළගනේ..සුනිල්ට 69 යි..මට 68 යි”
ඒ C.T ප්‍රනාන්දු සහ ප්‍රියන්ත ප්‍රනාන්දු පිය පුතු දෙපලගේ හඩයි..
ඈතින් ගීයක් මුමුණන ගොරහැඩි බර කටහඩකි..”සිරියාමේ සාරා නැගෙවි හද මෝරා” අඩෝ සුනිලා උඹ එනකන් මම තමා මෙහෙ බජාර් එක Run කරේ..දැන් ඉතිං උඹත් එක්ක බේරෙන්න වෙන්නේ නෑ..
ඒ H.R ජෝතිපාලගේ හඩයි..
“උපන් දිනේ අද ජීවිත රන් විමනේ” යනුවෙන් මුමුණමින් කොණ්ඩේ බොකුටු හාදයෙක් බොක්ස් ගිටාර් එකකුත් එල්ලගෙන සුනිල් අයියා ඉන්න පැත්තට එනවා..”සුනිල් මල්ලි සුබ උපන්දිනක් එහෙනම් ජයවේවා.අද සමරමු නැති වෙන්න.”
ඒ ක්ලැරන්ස් විජේවර්ධන ගේ හඩයි.
“නැති වෙන්න සමරන්න ඇති වෙන්න ගෙනාවා නේද මචං” ශාලාවේ එක කොනක සිගරට්ටුවක දුම් රොටු රටාවකට පිට කරන ඒ කෙසග රුව , හඩ මිල්ටන් පෙරේරයි.
“හරි හරි බං මදි වුනොත් පුතා යවමු තව ගේන්න” එලෙස ෂෙල්ටන් පෙරේරා සතිෂ් පෙරේරා දෙස බලා පවසයි..එවිට සතිෂ් සුපුරුදු ලෙස ලෙංගතු හිනාව පානවා..”මම බොන්නේ බියර්නේ..කමක් නෑ මම යන්නම්.සුනිල් අයියා වෙනුවෙන් ඕනි දෙයක්.අපි ඔක්කොම පෙරේරා ගැන්සියනේ”
ඒ සතිෂ් පෙරේරාගෙ හඩයි.
“මචං මර්වින් සුනිලා කොච්චර වුනත් කෙලින් මිනිහා.කට කෑවත් ඇත්ත කියනවා.මම ඒකට කැමති බං”සුනිල් අයියා අසලට තවත් දෙදෙනෙකු පැමිණෙයි.
ඒ මිල්ටන් මල්ලවආරච්චිගේ හඩයි.
“මමත් උගේ ආසම ඕකට බං.උන් අපි ඔක්කොම එක අත්තේ වහපු කුරුල්ලොනේ බන්.යමං සුනිලට විශ් කරලා එමු.සුබ උපන්දිනක් සුනිල් මල්ලී කියා දෙදෙනාම සුනිල් අයියාව වැලදගෙන විශ් කරයි.
“මේ ඒක නෙවේ සුනිලා අපේ කොල්ලො දෙන්නා එහෙම කොහොමද”
“ඒගොල්ලො හොදින්.අපි හම්බුනා මර්වින් අයියේ ලගදී..Hiru Tv එකෙන් Brothers Day Special Copy chat Programme එකක් කරා..මමයි පියලුයි ගියා.. එදා Amal , Sohan දෙන්නම ආවා..තව අපේ M.S අයියගේ පුතාලා දෙන්නත් ආවා..”
“එහෙනම් එච්චරයි මල්ලි”
ඒ මර්වින් පෙරේරගේ හඩයි.
“ඕක ඉක්මනට පටන් ගමු බං.පස්සේ කතා කරමු” ටිෂූ පේපර් එකකින් අසෝක වීදුරුවක් පිහිදදා සුනිල් අයියා අසලට කෙට්ටු උස හාදයෙකු පැමිණෙයි..”අම්මට සිරි කපූගේ.එන්න එන්න” සුනිල් අයියා ඔහු වැලද ගනී..
ඒ ගුණදාස කපුගේය.
“කෝ බන් මේ කේක් එක” ජෝති මල පැනපු ස්වරූපයෙන් අසද්දී රෝස පාට ඔසරියකින් සහ ඒ පාටින්ම පබලු මාලයකින් ගෙල සරසා ගත් ඇය “මේ එනවා” කියා කේක් ගෙඩියක්ද රැගෙන පැමිණෙයි..ඒ අසලින්ම ඉටිපන්දම් සහ පිහියත් රැගෙන සහායිකාවක්ද පැමිණෙයි..
“”ඔන්න කේක් එක ගෙනාවා.ඉක්මණට කපමු නේද.මම මාලනී එක්ක Pray කරන්න යන්න තියෙනවා සුනිල්ට”
ඒ ඇන්ජලීන් ගුණතිලකයි..සහායිකාව මාලනී බුලත්සිංහලයි..
දැන් උපන්දින සාදයට හද පායන වේලාවයි..
“තට්ටයා මම ලස්සන තට්ටයා කාගෙත් හොද මිත්‍රයා කවුරුත් දන්නා”
“අම්මෝ මගේ අතිජාත ප්‍රාණ සම මිත්‍රයා රොනීයා”
ඒ සුනිල් අයියගේ හඩයි.
“මම හෙන පාළුවෙන් හිටියේ සුනිලා උඹ නැතුව.දැන් ඉතිං හරි”
හරි එහෙනම් කේක් කපමු..!!ඇදුමට ගැලපෙන තොප්පියකුත් දමා හරි උජාරුවට සුපුරුදු සිනහවෙන් සුනිල් අයියා කේක් ගෙඩිය අසලින් සිට ගනී…හැමෝම සුබ උපන්දිනක් ගායනා කර සුනිල් අයියට සුබ පතයි.සුනිල් අයියා හැමෝටම කේක් කෑල්ලක් කවයි..!!
සුනිල් අයියා හරි සතුටින්ය.කාලෙකට පස්සේ පරණ යාලුවෝ සෙට් එකම ලගය..ජොනි වෝකරයක මූඩියක් ඉහලට එසවෙන ශබ්දයකි..
“එහෙනම් හැමෝටම Cheers”
ඒ සුනිල් අයියගේ සදා නොමියෙන බරසාර හඩයි..
සුබ උපන්දිනක් සුනිල් අයියා !
සටහන ; මෝක්ෂ ප්‍රසාද්
චිත්‍රය ; සදරු මාරසිංහ