ශ්‍රී ලාංකිකයින් 68,000ක පමණ පිරිසක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනගතව සිටින බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසිය.
එවැනි තත්ත්වයක් හමුවේ වුවද, පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා රටවල් 137ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 60,470 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනීමට රජය පියවර ගත් බවද විදේශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
වර්තමානයේ පවතින දැවැන්තම අභියෝගයන්ගෙන් එකක් වන ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව අඛණ්ඩව සිදු කරන බව විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පෙන්වා දේ.
ගෙන්වා ගනු ලැබූ ලාංකිකයින් අතුරෙන් ඉන් වැඩිම පිරිසක් මැදපෙරදිග කලාපයෙන් ගෙන්වාගෙන ඇති අතර විදේශයන්හි පවතින තත්වය, සේවයෙන් ඉවත් කිරිම් ආදී කරුණු හේතුවෙන් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එම අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටී.
ඒ අනුව ඉකුත් පෙබරවාරි මාසයේ දී වූහාන් නගරයේ සිටි සිසුන් 33 දෙනෙකු සියරට ගෙන්වා ගන්නා ලද දින සිට, මෙම අමාත්යාං ශය වසරකට ආසන්න කාලයක් තිස්සේ විදේශයන්හි අසරණ වු සංක්‍රමණික ශ්‍රමිකයින්, වන්දනාකරුවන්, සිසුන් සහ රජයේ හෝ හමුදා නිලධාරීන්, කෙටිකාලීන සංචාරකයන්, මුහුදු යාත්රිනකයන් සහ සානුකම්පිත හේතු මත ගෙන්වා ගන්නා ලද ශ්‍රී ලාංකිකයන් ද වන බව විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටී.
ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් අතරින් ප්‍රධාන වශයෙන් මැදපෙරදිග කලාපයෙන් පැමිණි සංක්‍රමණික ශ්‍රමිකයින් 40,000 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා මෙමගින් ප්රතිලාභ ලබා ඇති වැඩිම කොටස වන අතර, යුරෝපය, අප්රිඅකාව, ආසියාව සහ ලතින් ඇමරිකානු කලාපවලින් තවත් ශ්‍රී ලාංකිකයන් 20,000 ක් පමණ ගෙන්වා ගනු ලැබූ බවද හෙතෙම කීය.
මෙම සතිය තුළදී චෙන්නායි, මෙල්බන්, කුවේට්, දෝහා, ටොරන්ටෝ, සයිප්‍රස් සහ ඩුබායි හි සිට ශ්‍රි ලාංකිකයින් 1,400 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිත බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.