ලංකාවේ ප්‍රධානතම සංචාරක මධ්‍යස්ථාන ලෙස සැලකෙන සීගිරිය සහ පොලොන්නරුව අද සහ හෙට (04-05) යන දෙදින තුළ පස්වරු 12න් පසු දේශීය සංචාරකයන්ට තහනම් කලාපයක් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන ඇත.
මේ වනවිට මෙරටට පැමිණ සිටින යුක්රේන සංචාරකයන් අද සහ හෙට මෙම ප්‍රදේශවල සංචාරය කිරීම මේ සදහා හේතු වී තිබේ.
එමෙන්ම පොලොන්නරුවේ පරාක්‍රම මාලිගා සංකීර්ණය, දළදා ඔළුව, ශිව දේවාලය, රන්කොත් වෙහෙර, ලංකාතිලකය, කිරිවෙහෙර, ගල් විහාරය, තිවංක පිළිම ගෙය සහ නෙළුම් පොකුණ යන ස්ථානද අද පස්වරු 1 සිට දේශීය සංචාරකයන්ට විවෘත නොවනු ඇත.