එංගලන්තයේ “ද හන්ඩ්‍රඩ්” ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායම සමත් වුණා.
ඒ තරගාවලියේ අවසන් මහා තරගයේදී බර්මිංහැම් ෆීනික්ස් කණ්ඩායම පරාජයට පත්කරමින්. “ද හන්ඩ්‍රඩ්” ක්‍රිකට් තරගාවලියේ විශේෂත්වය වූයේ තරගයක එක් ඉනිමක් පන්දු 100කට සීමාවීමය.
කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් පැවති තරගාවලියේ අවසන් මහා තරගයට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායම සහ බර්මිංහැම් ෆීනික්ස් කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේය.
අවසන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සදර්න් බ්‍රේව් කණ්ඩායම නියමිත පන්දු 100 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 168ක් රැස් කළේය.
එහිදී පෝල් ස්ටර්ලිං පන්දු 36කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් සමගින් රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 61කි.
රොස් වයිට්ලි පන්දු 19කදී නොදැවී ලකුණු 44යි.
ලකුණු 169ක ජයග්රාහි ඉලක්කයක් හඹාගිය බර්මිංහැම් ෆීනික්ස් කණ්ඩායමට නියමිත පන්දු 100 අවසානයේ කඩුළු 5ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 136ක් පමණි.
ඒ අනුව සදර්න් බ්‍රේව් කණ්ඩායම ලකුණු 32ක ජයක් හිමිකර ගනිමින් “ද හන්ඩ්‍රඩ්” ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේය.
එම ජයත් සමග මහේල ජයවර්ධන පුහුණුකරු ලෙස තවත් තරගාවලි ශූරතාවක් හිමිකරගත් අතර මීටපෙර ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ශූරතා 4ක් හිමිකරගෙන තිබේ.