2023 වසරේ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු ඉටු කර ගැනීම උදෙසා ඉදිරිපත් කෙරෙන අයවැයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති 33 වැනි ඉල්මහා විරු සමරුවට එක්වෙමින්.
33 වැනි ඉල්මහා විරු සමරුව ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණේ කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදියි