විදේශ ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී ගෞරවනීය පිළිගැනීමක් ලබාදීමට වෙන්වූ විශේෂ පිවිසුම් ද්වාරය, HOPE GATE නමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් අද (01) උදෑසන විවෘත කර තිබෙනවා.
ඒ අනුව කටුනායක ගුවන්තොටුපොලෙන් විදේශ රටකට පිටත්ව යන ශ්‍රමිකයාට මෙන්ම විදේශ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයින් සදහා මෙම නව පිවිසුම් ද්වාරය විවෘත වනවා.
ගුවන්තොටුපොලේදී විදේශ ගත ශ්‍රමිකයාට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට නියමිත අතර, ඒ සදහා සහාය ලබාදීමට විශේෂ සත්කාරක සේවා සැපයීමේ කණ්ඩායමක්ද යොදවා ඇති බවයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කළේ.
HOPE GATE හරහා ඉදිරියේදී විදේශ ගත ශ්‍රමිකයින් සදහා වෙන්වූ විශේෂ විවේක පහසුකම් ලබාගැනීමේ ස්ථානයක්ද ගුවන්තොටුපොලේ ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා.