හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස 03 වැනිදා ශ්රි ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
සැප්තැම්බර් මස මුල් සතියේ ඔහු දියිනට පැමිණෙන බවට හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා ද ප්රකාශ කර සිටියේ මීට දින කිහිපයකට පෙරයි.
ඒ අනුව ලබන සෙනසුරාදා දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණෙන බවයි පැවසෙන්නේ.