ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද ඩුබායි බලා පිටත්වීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇති විට පිටවීමේ මුද්‍රාව ගැසීමට ආගමන විගමන නිලධාරින් ප්‍රතික්ෂේප කිරීම නිසා නොසිතු අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවී තිබේ.
ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් කියා සිටියේ තම ගුවන් ගමන් බලපත්‍රය රැගෙන සාමාන්‍ය මගීන්ගේ කවුන්ටරයට පැමිණෙන ලෙසයි.
එය ප්‍රතික්ෂේප කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනත් නිලධාරියෙකු අත යවා මුද්‍රාව ගැසීමට කියා ඇත. එලෙස මුද්‍රා තැබීම ආගමන විගමන නිලධාරීන් ප්‍රතික්ෂේප කොට ඇත.
උද්ගත වූ තත්වයත් සමගම ජනාධිපතිවරයාට ඩුබායි බලා පිටත් වන ගුවන් යානය මගහැරී ඇති අතර, වහාම ජනාධිපතිවරයා කටුනායක ගුවන් හමුදා කඳවුරට රැගෙන ගොස් තිබේ.
මෙම සිද්ධිය ඇතිවීමත් සමගම නොසන්සුන් වී ඇති ගෝඨාභය දැඩි සේ කිපී ඇති බවත් වාර්තා වේ.
අද අළුයම එමිරේස්ට් බලා යන යානයෙන් බැසිල් රෝහණ නමින් ආසන 06ක් වෙන් කරගෙන තිබූ අතර, ඔහු සහ ඔහුගේ පිරිවරටත් ගුවන් පර්යන්ත මගීන්ගේ හා ආගමන විගමන නිළධාරීන්ගේ විරෝධය මත නැවත හැරී යන්නට සිදුව තිබුනි.