ලොවටම වසංගතයක් වී ඇති කොව්ඩ් වෛරස නැවත වරක් එංගලන්තය පුරා පැතිර යාම නිසා, අද(05)දින සිට මුලු රටටම බලපාන පරිදි අගුලු දැමීමට, එංගලන්ත අගමැති බෝරිස් ජොන්සන් මහතා තීරණය කර තිබේ.
ඒ බව, අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු විසින් නිවේදනය කලේය. මෙම අගුලුදැමීම ලබන පෙබරවාරි මැද දක්වා පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
මේ අනුව සියලුම ජනතාව තම නිවෙස්වල සිටිය යුතු වන අතර, අත්‍යාවශ්‍ය සේවාවන් සදහා පමණක් නිවසින් බැහැර විය හැක.
සියලුම ප්‍රාථමික හා ද්වීතීය අධ්‍යාපන කටයුතු දුරස්ත මාර්ගයෙන් පමණක් සිදුවෙයි.
ඊයේ (04) දින වනවිට එංගලන්තයේ රෝහල්වල නේවාසික කොව්ඩ් රෝගීන් ගනණ 26600 කට අධික වූ අතර, එය දෙසැම්බර් 28 වෙනිදා සමග සසදන විට සියයට තිහක වැඩි වීමකි.
ඇරුණ ශාන්ත
ලන්ඩන් නුවර සිට.