කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසරේදී ගුවන්ගමන් ක්ෂේත්රය දැඩි අර්බුදයකට පත්විණි. නමුත් අනාගතයේදී යමෙක් ගුවන් ගමනක් යාමට බලාපොරොත්තු වේ නම් ඒ සඳහා ආරක්ෂිතම ගුවන් සේවය පිළිබඳ ව දැනගැනීම වැදගත් වනු ඇති.
AirlineRatings.com වෙබ් අඩවිය මගින් එය දැනගැනීම ට හැකියාව ලැබේ.
එම වෙබ් අඩවිය මගින් ලොවපුරා ක්‍රියාත්මක ගුවන්සේවා 385ක් සිය ශ්‍රේණිගත කිරීමට ඇතුළත් කර තිබේ. ගුවන් සේවයක් ශ්‍රේණිගත කිරීමේදී ගුවන්යානා අනතුරු, වෙනත් දරුණු සිදුවීම් සහ ගුවන්යානා වල වයස යන කරුණු සලකා බැලේ.
එම වෙබ් අඩවියට අනුව 2021 වසර සඳහා වඩාත් ආරක්ෂාකාරී ගුවන්සේවය වන්නේ ඔස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන්සේවයයි.
2021 වසර සඳහා වඩාත් ආරක්ෂාකාරී ගුවන්සේවා 20 මෙසේය.
1. ක්වන්ටාස්
2. කටාර් එයාවෙස්
3. එයා නිව් සීලන්ඩ්
4. සින්ගප්පෝ එයාර්ලයින්ස්
5. එමිරේට්ස්
6. ඊවා එයා
7. එතිහාඩ් එයාර්වේස්
8. ඇලස්කා එයාර්ලයින්ස්
9. කැතේ පැසිෆික් එයාර්වේස්
10. බ්‍රිටිෂ් එයාර්වේස්
11. වර්ජින් ඔස්ට්‍රේලියා
12. හවායියන් එයාර්ලයින්ස්
13. සවුත්වෙස්ට් එයාර්ලයින්ස්
14. ඩෙල්ටා එයාර්ලයින්ස්
15. අමෙරිකන් එයාර්ලයින්ස්
16. එස්ඒඑස්
17. ෆින් එයාර්
18. ලුෆ්තන්සා
19. කේඑල්එම්
20. යුනයිටඩ් එයාර්ලයින්ස්