ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
මේ වනවිට ඔහු සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
එක්දින තරග 05 කට හා 20/20 තරග 18 කට සහභාගි වූ භානුක මෑතභාගය තුළ එක්දින හා 20/20 තරගවලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් කිහිප දෙනාගෙන් එක් අයෙකි. මේ නිසා භානුකගේ හදිසි සමු ගැනීම ක්‍රීඩාලෝලීන් පුදුමයට පත් කරන තීරණයක් වනු ඇත.
මේ අතර එක්දින හා 20/20 තරග වෙනුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ පෙරේරාද ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා බව දැනුම් දී තිබෙනවා.
නිමා වූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී භානුක ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නායකත්වය ලබාදුන් අතර කැන්ඩි කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ පෙරේරා කටයුතු කළේය.
ශාරීරික යෝග්‍යත පරීක්ෂණය සම්බන්ධයෙන් නව නිර්ණායක ඉදිරිපත් කිරීම නිසා ඔවුන් මෙලෙස සමුගැනීමට සුදානම් වනවා.
ක්‍රීඩකයන්ගේ යෝග්‍යතා සහ විඳදරා ගැනීමේ මට්ටම් තීරණය කිරීම සඳහා පවත්වන යෝ-යෝ පරීක්ෂණය වෙනුවට කිලෝමීටර් 2 ධාවන පරීක්ෂණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත හදුන්වා දුන්නේ, පසුගිය වසරේ (2021) මුල් කාර්තුවේදීයි.
ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ ඉල්ලීමකට අනුව ගෙන ආ මෙම පරීක්ෂනය තුළ දී විනාඩි 8.35ක කාලයක් තුළ ක්‍රීඩකයින් කිලෝ මීටර 2ක දුර ප්‍රමානය හමාර කළ යුතු ව තිබුණා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව දැන් පෙන්වා දෙන්නේ, ජාතික ක්‍රීඩකයින් මිනිත්තු 8.10 තුළ කිලෝමීටර් 2 ධාවනය අවසන් කළ යුතු බවට යි.