ශ්රී ලංකා – එංගන්ත ක්රිකට් තරගාවලියට එක්ව සිටින ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ නැඟී එන තරුණ ක්රීඩකයෙක් එම තරගාවලියට එක්ව සිටින නිලධාරී මණ්ඩලයේ ම නිලධාරිනියක සමඟ අයථා ලිංගික හැසිරීමක් පවත්වා ඇතැයි enews.lk වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.
එම අයථා ලිංගික හැසිරීම ශ්රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් ක්රිකට් තරගය පැවැති දිනයක ක්රීඩකයින් නැවතී සිටි ගාල්ල හෝටල කාමරයකදී සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ බව කණ්ඩායම් කළමනාකාරිත්වය ශ්රී ලංකා ක්රිකට් ආයතනයට නිල වශයෙන් වාර්තා කර ඇතැයිද සඳහන්.
මීට පෙර ශ්රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගය පැත්වෙන අතරතුරදී ශ්රී ලංකා ක්රීඩකයින් කාඩ් සෙල්ලම් කරන අයුරු ද සජීවි රූපවාහිනී විස්තර ප්රචාරය අතරතුර ප්රදර්ශනය කෙරුණා. එයින් ශ්රී ලංකාවට ඇති වූ අපකීර්තිය ඉමහත්. කෙසේනමුත් මෙම සිදුවීම් දෙක ම වාර්තා වන අවස්ථාවේදී ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන්, ප්රධාන පුහුණුකරු මිකී ආතර් මෙන්ම ජාතික ක්රිකට් තේරුම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සමඟ ම සිටීම විශේෂත්වයක්.
අයථා ලිංගික හැසිරීම සිදු වූ බවට වාර්තා වන ගාල්ල හෝටලයේම එම පිරිස ද නැවතී සිට තිබෙනවා. මේ හේතුවෙන් ක්රිකට් ක්රීඩකයින්ගේ නොමනා හැසිරීම්වලට ශ්රී ලංකා ක්රිකට් ආයතනයට වගකීමෙන් නිදහස් විය නොහැකි බව ද වාර්තා කරනවා.
enews.lk