ළදා මාලිගා පරිශ්‍රයේ ස්ථාපිත කරඇති පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව එම පොලිස් ස්ථානයේ 200 දෙනෙකු පමණ වන සෙසු නිලධාරීන් සියලු දෙනා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව මහනුවර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසීය.
එම පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා වෙනත් පොලිස් නිලධාරීන් 180 දෙනෙකු අනුයුක්ත කරඇති බව ද සුදත් මාසිංහ මහතා පවසයි.
පසුගිය සතියේ මෙරටට පැමිණි යුක්රේන සංචාරකයන් දළදා මාලිගාව වැදපුදා ගැනීම සදහ මහනුවරටද ගොස් තිබිණ.