එංගලන්ත ක්රිකට් කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් සදහා ලංකාවට පැමිණ පැය 24ක් ඉක්ම යාමටත් ප්රථම ශ්රී ලංකා ක්රිකට් ආයතනය වසා දැමීමට එහි පාලනාධිකාරියට සිදුව ඇත.
ඒ, ක්රිකට් ආයතනයේ සේවකයන් දෙදෙනකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙනි.
ඒ අනුව අද (04) දිනයේ සිට ක්රිකට් ආයතනයේ සියලුම සේවකයන්ට නිවසේ සිට රාජකාරී කරන ලෙස දැනුම් දී තිබේ.
මීට අමතරව කිසිදු පිටස්තර පුද්ගලයකු ක්රිකට් ආයතනය වෙත ඇතුළු කර නොගන්නා ලෙසද පාලනාධිකාරිය දැනුම් දී ඇත.