සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් කල්පිටියට මේ දිනවල දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම සිදුවෙමින් පවතින්නේ. ඩොල්ෆින්, කොරල් පර, තල්මසුන් දැක බලාගැනීම සඳහායි.
මේ දිනවල කල්පිටිය කොරල් පර අභය භූමිය සහ ඉන් එපිට තල්මසුන්ගේ සහ ඩොල්ෆින් මත්ස්‍යයන්ගේ දර්ශන දැක බලා ගැනීමට හැකිය. මාස හයක පමණ කාලසීමාවක් ඩොල්ෆින් සහ තල්මසුන් කල්පිටිය මුහුදු තීරයේ ජීවත්වීම සංචාරකයන්ගේ පැමිණීමට විශාල හේතුවක් වී ඇත.
පසුගිය කාලයේ කොරෝනා වසන්ගතය සමඟ සංචාරකයන් කල්පිටිය ප්‍රදේශයේ සංචාරය කිරීම සිදුනොවීය. සංචාරක බෝට්ටු එකසිය දාසයක් පමණ මෙම ප්‍රදේශයේ පවතින අතර දහසකට අධික පිරිසක් මෙම කර්මාන්තය තම ජීවනෝපාය කරගෙන සිටිති.
නමුත් පසුගිය කාලයේදී සංචාරකයන්ගේ නොපැමිණීම නිසා සංචාරක කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවයකට පත්ව සිටි බව සිටි බව සංචාරක කර්මාන්තකරුවෝ කියති.
වර්තමානය වනවිට කල්පිටියටද දෙස් විදෙස් සංචාරකයන්ට කොරෝනා වසංගත තත්ත්වය යටතේ පවතින නීතිරීතිවලට අනුකූලව සංචාරක කටයුතු කිරීමට සෞඛ්‍ය බලධාරීන් ඉඩහසර සලසා ඇත. සංචාරක කර්මාන්තයේ නිරත වෙන බෝට්ටු හිමියන්ට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ බෝට්ටු විෂබීජහරණය කරමින් මුඛ ආවරණ පැළඳ මීටරයක් දුර පවත්වාගෙන යමින් තම කටයුතු කරගෙන යන ලෙසටය.
මෙම සංචාරක කටයුතු සිදු කිරීමේදී පවතින කොරෝනා තත්ත්වය හමුවේ නීති රීතීන්වලට අනුකූලව කටයුතු කිරීමේ වගකීමද සම්පූර්ණයෙන්ම බෝට්ටු හිමියන්ට පවරා ඇත.
සංචාරක බෝට්ටු හිමියකු වන සංජීව ප්‍රනාන්දු මහතා මෙසේ කියයි.
මාස නවයක් පමණ කොරෝනා වසංගතයේ නිසා සංචාරක කර්මාන්තය ඇන හිටිලා තිබ්බා. දැන් නැවත ආරම්භ වෙලා තියෙනවා. මේ දිනවල ඩොල්ෆින් මත්ස්‍යයන් විශාල වශයෙන් කල්පිටිය, ඉලන්තඩිය, කුඩාව වැනි මුහුදු තීරවලට පැමිණෙනවා. අපි දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සංචාරක කටයුතුවල නිරත වීමට කටයුතු කරමින් කර්මාන්තය පවත්වාගෙන යාමට අපට සහයෝගය ලබාදෙන්න කියලා. සංචාරක කර්මාන්තය පවත්වාගෙන යන අපි සංචාරකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරීම ක්‍රියාමාර්ග ගැනීමට පියවර අරගෙන තිබෙනවා.
රෝවන් පෙරේරා – පුත්තලම