හත් හැවිරිදි පාසල් සිසුවකු පියාගේ දෑස් ඉදිරිපිටදී රත්මල්ගොඩ මැද ගේට්ටුව හන්දිය අසලදී ත්‍රීරෝද රථයක ගැටීමෙන් තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ මාපුටුගල ජාතික පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.
සිසුවා විද්‍යාලයේ සිට පාසල් වෑන් රථයෙන් පැමිණ තවත් සිසු සිසුවියන් පස් දෙනෙකු සමග රත්මල්ගොඩ මැද ගේට්ටුව හන්දිය අසලදී පාසල් වෑන් රථයේ සහායිකාව ගේ රැකවරණය මත බැස ඇතැයි පොලීසිය කියයි.
එම අවස්ථාවේදී තුවාල ලද සිසුවා පාරේ අනෙක් පස සිටින සිය පියා දැක එකවරම මාර්ගය හරහා දිව ගොස් තිබූ බව පොලීසිය කියයි.
එහිදී පාසල් වෑන් රථය පිටුපසින් පැමිණි ත්‍රීරෝද රියක දරුවා ගැටී තිබුණි.
දරුවාව ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළු කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වෙයි.