රහසිගත ක්‍රමවේද ඔස්සේ ප්‍රමිතියෙන් තොර බාල පළිබෝධනාශක ගොවීන් අතට පත්වීම හේතුවෙන් ඉදිරි මහ කන්නය ආසාර්ථක වීමේ අවදානමක් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන කේ.බි ගුණරත්න මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ බාල වර්ගයේ පළිබෝධනාශක හේතුවෙන් කන්තලේ වගා අක්කර 54ක පමණ භුමි ප්‍රදේශයක් මේ වන විටත් විනාශ වී ඇති බවය.
මෙම පළිබෝධනාශකයන් හි බලපෑමෙන් ඉදිරි මහ කන්නයේ අස්වැන්න සියයට 10කින් පමණ අඩුවීමේ අවදානමක් පවතින බව අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන කේ.බි ගුණරත්න මහතා සඳහන් කළේය.