2023 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (22දා) පස්වරු 05.00ට පැවැත්වීමට නියමිතව තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
2023 අයවැය කතාව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 14වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව අයවැය දෙවැනිවර කියවීමට අදාළව විවාදය පැවැත්වීමට නොවැම්බර් මස 15වැනිදා සිට 22වැනිදා දක්වා දින 07ක් වෙන්කර තිබුණි. ඒ අනුව අද දිනය අයවැය දෙවැනිවර කියවීම පිළිබඳ විවාදයේ අවසන් දිනය වන අතර, අද දින විවාදය අවසානයේ ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ අතර හෙට (23දා) දිනයේ සිට 2023 අයවැය තෙවැනිවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.