කොටුව බැංකු ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකා භටයකු සුළු මොහොතකට පෙර අරගලකරුවන් සමග එක් වී ඇතැයි වාර්තා වෙයි.
මෙම භටයා සිය ආයුධ හා හිස්වැසුම් පසෙක දමා නිල ඇඳුම සමඟම අරගල කරුවන්ට එක් වී ඇත.
මේ අතර මහරගම, හෝමාගම,පන්නිපිටිය ඇතුළු අවට ප්රදේශවල පාගමනින් කොළඹ කොටුව බලා පා ගමනින් පැමිණෙද්දී පොලිස් නිලධාරියෙකු ද සහය පළ කර ඇත .
යතුරු පැදියෙන් එම ස්ථානයට පැමිණි පොලිස් පොලිස් නිලධාරියා යතුරුපැදිය නවතා, හිස් ආවරණය ගලවා විසිකර අරගලයට ජය වේවා යනුවෙන් කෑගසමින් ඔවුන් සමග එක්ව ඇත .