පර්යේෂණවලදී වැඩිම සාර්ථකත්වයක් අත්කරගත් ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත භාවිත කිරීමට ස්විට්සර්ලන්තයත් තීරණය කර තිබේ.
ඒ අනුව මෙම එන්නතට අනුමැතිය හිමි වූ නව වැනි රට මෙයයි. තවත් නොබෝ දිනකින් මෙම එන්නත ජනතාවට ලබා දෙන බව එරට රජය පවසයි.
එමෙන්ම දෙසැම්බර් 22 වන දා සිට ලබන ජනවාරි 22 තෙක් නව කොවිඩ් පාලන සීමා පැනවීමටත් ස්විට්සර්ලන්තය තීරණය කර තිබේ.
මේ අතර, අමෙරිකාවේ අනුමැතිය හිමි වූ දෙවැනි කොවිඩ් එන්නත වන මොඩර්නා එන්නත අවුරුදු 12ත් 18ත් අතර වයස්වල ළමුන්ට ලබාදිය හැකිද යන්න පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බව මොඩර්නා සමාගම පවසයි.
මේ වන විට අමෙරිකාව තුළ කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට අවසර ඇත්තේ වයස අවුරුදු 18ට වැඩි අයට පමණය.