කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආහාර සැපයීම් (කේටරින්) අංශයේ සේවකයින් 8දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය තහවුරු කර ඇත.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් කේටරින් අංශය සදහන් කළේ එහි එක් සාමාජිකයෙකු පසුගිය සදුදා (14) දින කොවිඩ්-19 වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ බවයි.
එහිදී ඔහු ආසාධිතයෙකු බවට හදුනාගෙන තිබේ.
ඒ අනුව ඔහු ඇසුරු කළ තවත් සාමාජිකයින් හත්දෙනෙකු කොවිඩ් පරීක්ෂණය ධනාත්මක බව අද (17) දින තහවුරු කරගෙන ඇත.
මේ වන විට අදාළ කොවිඩ් ආසාදනය වී ඇති සාමාජිකයින්ගෙන් බලපෑමට ලක්වී ඇති කාර්ය මණ්ඩලය පී.සී.ආර්. පරීක්ෂණ වලට භානය කර ඇත.