පවතින කොවිඩ් වසංගත තත්වය තුළ එළඹෙන නත්තල් සහ නව අවුරුදු උත්සව වෙනුවෙන් සමයේ විවිධ අවශ්‍යතා සපුරාගැනීම සඳහා සෑම පවුලකටම සහන පොලියට මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කරයි.
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා වන චක්‍ර ලේඛය අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරයි.
උදාවන නත්තල හා නව වසර සැමරීම වෙනුවෙන් ලබා දෙන මෙම පරිපූරක උත්සව ණය යෝජනා ක්‍රමය 0.625ක පොලී අනුපාතයක් යටතේ මාස 10කින් ගෙවීමට යටත් වන පරිද්දෙන් ලබා දීමට නියමිතය.
මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000 සහ 50,000 අතර පිරිසට රුපියල් 25,000ක ණය ලබාදීමට නියමිතයි.
මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000ට අඩු නම් ණය මුදල රුපියල් 10,000ක්.
ණය ලබාදෙනු ලබන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව මගින් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
පරිපූරක සහන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැමති රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙහිම සේවකයන් සිය ප්‍රධානීන්ට ඒ බව දැනුම් දිය යුතුයි.
ආයතන ප්‍රධානියා තම සේවකයන්ගේ සහතික කළ නාම ලේඛනය සේවා ස්ථානය අසළ රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළ විට එම බැංකු ශාඛාව විසින් සේවකයන්ගේ ගිණුම්වලට නියමිත මුදල නොපමාව බැර කරනු ඇති.