වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
පළාත් අතර වාහන හිමිකම් පැවරීම් සිදුකිරීමේදී සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කිරීමට සිදු වීම හේතුවෙන් සේවාලාභීන්ට මෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවට ද ගැටළු ගණනාවකට මුහුණ පෑමට සිදුවීම හේතුවෙන් එම කරුණු සැලකිලිල්ට ගෙන ප්‍රවාහන අමාත්‍යවරයා විසින් වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීම සදහා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.
වාහන ලියාපදිංචි කිරිමේදී වාහන අංක තහඩුවට පළාත් හදුනා ගැනීමේ අක්ෂර එක් කරනු ලබන අතර, එමගින් දුම් පරීක්ෂාවේදී හා වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමෙස්දී පහසුවක් සලසනු ලබයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන දත්ත අනුව මෝටර් වාහන පළමු ලියාපදිංචියටද වඩා වාහන හිමිකම් පැවැරීම ඉහළ අගයක් ගන්නා බැවින් ගැටලු රැසක් මතුව තිබේ. වාහන හිමිකම් පැවැරීම දිවයිනේ විවිධ පළාත් අතර සිදුවන සෑම අවස්ථාවකදීම අංක තහඩු නැවත නැවත මුද්‍රණය කිරීමටද සිදුව ඇත.
පැරණි අංක තහඩු නැවත භාර ගැනීමේ ක්‍රමවේදය මගින් ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම වැනි ගැටලු මතුව ඇති අතර වාර්ෂිකව පැරණි අංක තහඩු රැසක් විනාශ කිරීමටද දෙපාර්තමේන්තුවට සිදුව තිබේ. නිරන්තරයෙන් අංක තහඩු මුද්‍රණය කිරීම හේතුවෙන් ඇලුමිනියම් පරිසරයට මුදාහැරෙන නිසා පරිසර හානියක්ද සිදුවන බව ප්‍රවාහන අමාත්‍යවරයා පෙන්වා දෙයි.