දෙසැම්බර් 31 රාත්‍රියෙහි වෙනදා මෙන් මහජනතාව එක්රැස් වී සිදු කරන සාද සහ උත්සවවලට මෙවර කිසිදු ඉඩක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ පවුලේ සාමාජිකයන් සමග පෞද්ගලික මට්ටමින් උත්සව සමය ගත කළ යුතු බවකි.
වෙනදා මෙන් මෙවර අලුත් අවුරුදු සමය සැමරිය නොහැකි බවත්, සෞඛ්‍ය නීතිරීති දැඩිව පිළිපැදිය යුතු බවත් ඒ මහතා අවධාරණය කොට ඇත.