සමස්ත ගෝලීය කොවිඩ් මරණ ඊයේ වනවිට (12) ලක්ෂ 16 ඉක්මවා ගියේය.
මේ වන විට හඳුනාගෙන ඇති ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 71,452,698ක් වන අතර, සිදුව ඇති කොවිඩ් මරණ ගණන 1,601,469කි.
ඒ අතර ගොලීය කොවිඩ් ආසාදිතයින් 49,653,097ක ප්‍රමාණයක් පුර්ණ සුවය ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ලොව වැඩිම කොවිඩ් ව්‍යාප්තිය සහිත අමෙරිකාවෙන් ගතවූ පැය 24 දී නව ආසාදිතයන් 220,000 ඉක්මවූ පිරිසක් හා මරණ 2,919 ක් වාර්තා විය.
ඒ සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 16,295,714ක් වන අතර සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 302,762ක් ලෙසිනි.
ඉහළ යන කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් මේ සතියේ සිට ක්‍රියාත්මක කෙරෙන පරිදි ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි නගරයට රාත්‍රී ඇඳිරිනීතිය පනවන බව නගර බලධාරීන් නිවේදනය කළේය.
කොවිඩ් ව්‍යාප්තිය තුළ ජර්මනියේ ඉහළම දෛනික මරණ සංඛ්‍යාව ගෙවුණු පැය 24 න් වාර්තා විය.
එම සංඛ්‍යාව 587 කි.
එරටින් ඊයේ නව ආසාදිතයන් 28,344 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර එය මෙතෙක් ජර්මනියෙන් හඳුනාගත් ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවයි.
පවතින සංචරණ සීමා ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජර්මානු බලධාරීන් ඉදිරි දිනයකදී රැස්වීමට තීරණය කර තිබේ.