කලු මගේ ප්‍රියතම වර්ණය වේ. කලුවෙන් සැරසෙන බෝ දේ මා හට ප්‍රියය. කොටින්ම අහස කලුවනවා දැකුම ද මට සහනයකි. එහෙත් සියලුම කලු දැකුම්කලු නොවේ. අසූතුනේ කලු ජූලිය එවැන්නකි. ලබන ඉරිදා ‘කලු ඉරිදා’ ලෙස ප්‍රකාශයට පත් වීමත් සමග එකලු වී ගිය මනසින් යුතු මිතුරෙකු මා ඇමතීය.
“දන්නවද කලු ඉරිදට බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ඔක්කොම එකතු වෙනවලු” ඔහු ඉහවහා ගිය ප්‍රීතියෙන් පැවසීය.
“අම්මට සිරි උන් ඔක්කොම එකතු වෙලා නිරාගමිකයො ටික මරන්නද යන්නෙ?” මම ඇසුවෙමි.
“ඔය වගේ අවලං කතා කියන්නෙ ඇයි බං? අම්මපා උඹලට යන්න මේ ආගම්වල තියෙන අපායවල් හොද වැඩියි”
“නෑ ඉතිං, ආගම් දෙකක ජාති දෙකක එව්වො එකතු වුනොත් ඉතිං, ඒ වෙන කාට හරි එකෙක්ට කෙලින්නනෙ. ඒකයි මම කිව්වේ” නැණ පමණ මම කීමි.
“කාටවත් හිරිහැරයක් වෙන වැඩක් සිද්ධ වෙන්නෙ නෑ එදාට” මිතුරා මට සැර කරන්නට විය.
“ඒක ආගම්වල ඉගැන්වීම් වලට විරැද්ධ නැද්ද? නෑ මං අහන්නෙ මේ කාලේ ආගමක් වෙන්න නම් කාට හරි හිරිහැරයක් වෙන්නම ඕන කියලා මම හිතං හිටියේ. අඩු ගානේ ලවුඩ් ස්පීකර්වත් දාන්නෙ නැද්ද?” මා කතා කළේ සාමාන්‍ය දැනීමෙනි.
“නෑ නෑ එදාට වෙන්නෙ මිනිස්සු කලු ඇදගෙන ඇවිත් විශේෂ දේව මෙහෙයකට සහබාගී වෙනවා. එච්චරයි” මිතුරා දේව කරැණාවෙන් තොරව පැවසීය.
“එතකොට අනිත් ආගමිකයො මොකද කරන්නෙ? ගෙදර ඉදන් රෙදි හෝදලා ‘අදින සළු මිදුළේ එලූ නයන කලූ ඔබ මගේ කලූ’ සිංදුව කියනවද?” මගේ සාමාන්‍ය දැනීම අසාමාන්‍ය බව මිතුරාගේ මුහුණින් පෙනුණි.
“විහිලු නෙමෙයි මනුස්සයෝ ත්‍රස්ත ප්‍රහාරයෙන් මැරැණු මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න බල කරන එකයි, අසම්පූර්ණ කොමිෂන් වාර්තාවට විරෝධය පාන එකයි මේකේ අරමුණ” මට තේරැම් කර දෙන්නට මිතුරා උත්සුක විය.
“කොමිසමට විරෝධය පාන එක නම් තේරැමක් නැති වැඩක්” මම කීවෙමි.
“ඇයි ඒ?”
“දැන් ඔය කොමිෂන් වාර්තාව පලක් නෑ කියලා සියලු ආගම් නායකයෝ, සියලු දේශපාලන නායකයෝ පිළිගන්නවා. අහලා බලනවා සමහර විට කොමිසමේ හිටපු එව්වොත් කියයි ඒක පලක් නෑ කියලා. ඉතිං කවුරැත් පොදුවේ තේරැමක් නෑ කියලා පිළිගන්න වාර්තාවකට විරැද්ධ වෙන එකෙත් තේරැමක් නෑනේ?” මම පැහැදූවෙමි.
“කොමිසමෙන් බලාපොරොත්තු වුණේ ප්‍රහාරය පිටිපස්සෙ හිටපු මහ මොළකාරයෝ කවුද? සල්ලි දුන්නෙ කවුද? ආධාර කළේ කවුද? හොයන එකනේ. අන්තිමට කොමිසම හරි විහිලුවක් වුණානේ” මගේ මිතුරා ආවේගයෙන් කීවේය.
“කොමිසම කියන වචනේ අර්ථයම විහිළුව බව දන්නෙ නැද්ද? කොමි-සම කියන්නේ විහිළුවක් හා සමාන කියන එකනේ. වැඩේ කියන්නේ ‘කියලා විහිළුවක් කළත්’ ලංකාවෙ උන්ට ඒක තේරෙන්නෙත් නෑනේ” සමහරැන් ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථය නොදැනීම විශාල සමාජ ප්රශ්නයකි.
“අන්තිමට ඔක්කොම කරලා තියෙන්නෙ හිටපු ආණ්ඩුව වගේනෙ? ඒක නිර්දේශ කරන්නෙ හිටපු පාලකයොන්ට විරැද්ධව නීති පියවර ගන්න ඕනෙ කියලා විතරයි” මිතුරා හිටපු රජයේ හිතවතෙකි.
“අනේ මොනවට කියනවද ඒක නම්. උන්දැලට එක දවසෙ බෝම්බ පහක් පුපුරවන්න තරම් හය්යක් තිබුණ නම් අපිට බෝම්බ ගහලා ඇමරිකාවත් සමතලා කරන්න තිබුණා. හැබැයි මේ කොමිසම එක ඇත්තක් කියලා තියෙනවා. ලංකාවේ වුණු හැම ඝාතනයකටම හිටපු පාලකයොන්ට විරැද්ධව නීති පියවර ගන්න ඕනෙ කියලා. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක පටන් ගන්න ඕනේ මොන අවුරැද්දෙ ඉදන් ද කියන එක විතරයි”
“කොහොම වුණත් මැරැණු මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් ඉල්ලන එක සාධාරණයි නේද?” මිතුරා එකග විය හැකි කරැණක් සෙව්වේය.
“ඔව්. ඔව්. 71, 89, අවුරැදු තිහක යුද්ධෙ නිසා මැරැණු එව්වොන්ටවත් සාධාරණයක් නොවුණු කොට මෙතැනින් හරි පටන් ගන්න එක හොදයි. මොකද එතකොට අපිටත් බය නැතිව මැරෙන්න පුලුවන්. මළාට පස්සෙවත් සාධාරණයක් වෙයිනෙ කියලා”
තිළිණ සුරත් ද මැල්