මේ දවස්වල ඉතාම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි දෙරණ නාළිකාවේ විකාශය වන සංගීතේ ටෙලි නාට්‍යය. ඒ වගේම එම ටෙලි නාට්යේ ඉන්න ප්‍රසිද්ධ චරිත දෙකක් තමයි නිශානි ටීචර් හා නිස්සංක සර්. මේ වෙද්දි ඒ දෙන්නා කවුරුත් ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක් කිව්වොත් හරි.
සැබෑ ජීවිත්යේ හංසනී විමලසිරි හා නවීන් දිල්ශාන් වන මොවුන් එම නාට්‍යයෙත් අඹු සැමියන් ලෙස රඟපානවා වගේම සැබෑ ජීවිතෙත් අඹුසැමියන් බව නොදන්න කෙනෙක් නැති තරම්. සංගීතය ටෙලි නාට්‍යයත් සමඟ මේ වෙද්දි ඔවුන්ට විශාල පේ්රක්ෂක අවධානයක් හිමි වෙලා තියෙනවා. හංසිනි විමල්සිරි දෙරණ නාලිකාවේ ඩි්රම් ස්ටාර් තරගාවලියේ හත්වැනි අදියරේ නව වැනියා දක්වා ඉදිරියට එන මොහොතක තමයි ඇයට සංගීතේ රඟපාන්න ආරාධනාව හා ඒ අවස්ථාව ලැබුණේ.
ඒ වගේම ඇය මීට පෙරත් නික්මයෑම, ගිරිදුර්ග සහ හසුන කියන ටෙලි චිත්‍රපටි කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. සංගීතේ ඇය රඟපාන චරිතේ ගුරුවරියක් නිසා බොහෝ අය ඇයව මඟ තොටේදී දකිද්දි ඇයට කතා කරන්නේත් නිශානි ටීචර් කියලාලු.
ඒ වගේම තමයි නවීන් දිශාන් රංගන ක්ෂේත්රයට පිවිසීමට පෙර කළින් මියුසික් වීඩියෝ දෙකක පමණ රඟපාලා තියෙනවා. නමුත් නවීන් දෙරණට එන්නේ ගායකයෙක් විදිහට. ඒ වගේම තමයි ඔහුගේ හිතේ තිබිලා තියෙනවා කවදාහරි රංගන ශිල්පියෙක් ලෙසත් ඉස්සරහට යනවා කියලා.
ඉතින් ඒ සඳහා ඔහුට මුළින්ම අවස්ථාව ලැබෙන්නේ සංගීතේ ටෙලි නාට්‍ය හරහා. ඉතින් මේ තැනට එන්න උදව් කරලා තියෙන්නේ ප්‍රථමයෙන්ම දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහත්මයායි. දිනූෂ දිසානායක නම් ඔහුගේ යාළුවා හා ඊට පස්සේ සංගීතේ නාට්‍යයේ සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂකතුමා වගේම් සමන් එදිරිමුණි මහතායි.
කෙසේ හෝ රංගනයෙන් හා ගායනයෙන් දක්ෂතා දක්වන මේ දෙන්නා සංගීතේ ටෙලි නාට්‍ය අතරතුර, පහුගිය කාලේ හාහා පුරා කියලා යුග දිවිය එළඹිලා මේ දෙන්නා මේ වෙද්දි උතුම් මව්පිය පදවිය ලබලා සතුටින් විවාහ දිවිය ගත කරනවා.