ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනව ලොව උපායශීලීම ක්‍රිකට් නායකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කර තිබේ.
ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමාජ මාධ්‍ය ඔස්සේ කළ සමීක්ෂණයකින් අනතුරුවය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නිල ට්විටර් ගිණුමේ ලොව හොඳම උපායශීලි ක්‍රිකට් නායකයා තේරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වුණි.
ඒ සඳහා මහේල ජයවර්ධනට අමතරව ඔස්ට්‍රේලියා හිටපු නායක මාක් ටේලර්, නවසීලන්ත හිටපු නායකයන් වන මාටින් ක්‍රෝ සහ ස්ටීවන් ෆ්ලෙමින්ගේ නම් ද යෝජනා වී තිබුණි.
ඒ අතරින් මහේල ජයවර්ධනව ලොව උපායශීලීම ක්‍රිකට් නායකයා ලෙස නම් කෙරුණේ ඔහු 45%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම හේතුවෙනි.