උතුරු මුහුදේ අනවසරයෙන් මසුන් අල්ලිමින් සිටි ඉන්දීය ධීවර යාත්රාවක් ඊයේ අලුයම් කාලයේදී නාවික හමුදා නෞකාවක ගැටීමට සලස්වා පලා යාමට උත්සහ ගැනීමෙදී අදාල ඉන්දීය ධීවර යාත්රාව මුහුදේ ගිලී ධීවරයින්ද අතුරුදන්ව ඇති බවට නාවික හමුදාව පවසයි.
උතුරු මුහුදේ ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු තීරයේ මුහුදු සැතපුම් 08 පමණ දුරින් නීතිවිරෝධීව මසුන් අල්ලමින් තිබූ ඉන්දීය ධීවර යාත්රාවක් නාවික හමුදා භාරයට ගැනීම සඳහා උතුරු නාවික විධානයට අයත් නෞකාවකින් අදාල ඉන්දීය ධීවර යාත්රාව ආසන්නයට ගිය අවස්ථාවේදී ධීවර යාත්රාව අනතුරුදායක හා අවේගසීලීව හසුරවමින් නාවික හමුදා නෞකාවේ ගැටීමට සල්වා ඇත.
අනතුරුව නාවික හමුදා නෞකාවේ ගැටීමට සැලස්වීමත් සමග ධීවර යාත්රාවේ සමතුලිතතාවය බිඳී යාත්රාව පෙරලී ගොස් මුහුදේ ගිලී ඇති අතර යාත්රාෙව් පැමිණි ධීවරයින්ද අතුරුදන්ව ඇති බවට නාවික හමුදාව පවසයි.
ධීවර යාත්රාව නාවික නෞකාවේ ගැටීම හේතුවෙන් නෞකාවේ මැද බඳ කොටසටද හානි සිදුව ඇති අතරම නෞකාව අලුත්වැඩියා කිරීම සඳහා ආරක්ෂිතව යාපනය කන්කසන්තුරෙයි නාවික ජැටිය වෙතට රැගෙන ඒමට කටයුතු යොදා ඇත.
මේ අතර නාවික හමුදා නෞකාවේ ගැටීමෙන් මුහුදුබත් වූ ඉන්දීය ධීවර යාත්රාවේ සිටි ධීවරයින් සොයා බෙරාගැනිමේ කටුයුතුද දිනය පුරා සිදුකලද කිසිවෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර ඒ බව ඉන්දීය වෙරලාරක්ෂක ඇතුලු බලධාරීන් දැනුවත් කිරීමටද නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.