ඔස්ටේ්රලියාවේ බි්රස්බේන් නගරයෙන් කොරෝනා ආසාදිතයන් 07 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් එම නගරය ඊයේ (29දා) දින තුනක කාලයක් සඳහා අගුලූ දමනු ලැබීය.
බි්රස්බේන් නගරයේ මිලියන දෙකකට අධික ජනගහණයක් මේ අනුව ඊයේ සවස සිට දින තුනක කාලයක් නිවෙස්වලට සීමා කර තිබේ.
අගුලූ දමන කාලසීමාවේ නිවැසියන්ට නිවෙස්වලින් එළියට යෑමට හැක්කේ අත්‍යවශ්‍යම කටයුත්තක් සඳහා පමණක් බව සෞඛ්‍ය අංශ විසින් නිවේදනය කර තිබේ.
බි්රස්බේන් නගරයේ කොරෝනා ආසාදිත පොකුර ප්‍රජාවෙන් හඳුනාගෙන ඇත්තේ ඉකුත් සෙනසුරාදා (27දා) වන අතර එය සති දෙකකට පමණ පෙර කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වූ රෝහල් වෛද්‍යවරයෙකුගෙන් හටගන්නට ඇති බව බලධාරීහු විශ්වාස කරති.