හිතුමතේ මුදල් මුද්‍රණය කිරීම නිසා අවසානයේ තම රටේ මුදල් ඒකකය අතහැර දැමීමට සිදුවූ රටක් තමයි සිම්බාබ්වේ.
කලින් රොඩේෂියාව නමින් හැඳින්වූ සිම්බාබ්වේ 1980 වර්ෂයේදී සිම්බාබ්වේ ඩොලර් හඳුන්වා දුන්නේ ඇමරිකානු ඩොලර් එකක් සිම්බාබ්වේ ඩොලර් එකකට සමාන අනුපාතයෙනි (1:1).
නමුත් දූෂිත පාලනය හමුවේ හටගත් අධි උද්ධමනය හේතුවෙන් ඇදහිය නොහැකි ලෙස සිම්බාබ්වේ ඩොලරය කඩාවැටුණි.නමුත් කෙතරම් දූෂිත වුවද රොබට් මුගාබේ නැමැති පාලකයා ජාති ආලය උලුප්පා නැවත නැවතත් බලයට පැමිනීම විශේෂිත කාරනයකි.
සිම්බාබ්වේ ඩොලර අගය 2009 වනවිට ඇමරිකානු ඩොලරයට හුවමාරුවන අනුපාතය වූයේ ඇමරිකානු ඩොලර් එකක් සිම්බාබ්වේ ඩොලර් බිලියන 250 කටත් වඩා වැඩි අගයකිනි.
එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීමට වීල් බැරෝවල මුදල් ගෙනයාමට සිම්බාබ්වේ වැසියන්ට සිදු විය. ඩොලර් ට්‍රිලියන 100 මුදල් නෝට්ටු පවා මුද්‍රණය කරන්න ට එරටට සිදුවිය.
කිහිප වරක්ම සිම්බාබ්වේ ඩොලර් ලක්ෂය එක රැයකින් ඩොලර් 1 එකකට අඩුකලද මුදලේ අගය කඩා වැටීම පාලනය කරගත නොහැකි වූ සිම්බාබ්වේ රාජ්‍යය දෙදහස් නවයේ දී ඔවුන්ගේ මුදල් ඒකකය අතහැර දමන ලදී.
දැන් ඔවුන්ගේ රටේ භාවිතා වෙන්නේ වෙනත් රටවල් කිහිපයක මුදල් වන අතර 2016 වනතුරු සිම්බාබ්වේ මුදල් ඇති ගිණුම් හිමියන්ට ඔවුන්ගේ මුදල් ඇමෙරිකානු ඩොලර් වලට හුවමාරු කිරීමට අවස්ථාව තිබුණි. 2015 දී එම ගිණුම්වල මුදල ඇමෙරිකානු ඩොලර් වලට හැරවීමේ අනුපාතය වූයේ
1USD=35000000000000000 ZD
ඒ වගේම පසුගිය දිනක අසන්නට ලැබුනේ, ශ්‍රී ලංකාව විසින්ද රුපියල බිලියන 48 ක් මුද්‍රණය කිරීමයි.
එසේ කරන්නේ පාලකයන්ගේ හිතුමනාපයට මිස වෙනත් කිසිදු සංචිතයක් අතැතිව නොවේ.
අපේ රටත් තවත් සිම්බාබ්වේ රාජ්‍යයක් කිරීමෙන් වලකාගමු.
Chanuka Kanchana Munasinghe