කොවිඩ් ආසාදිතයින් හමුවීම වැඩිවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ විශාලම නගරය වන සිඩ්නි නගරයේ සෞඛ්යාරක්ෂිත පියවර දැඩිකර තිබේ.
ඊයේ (24) දින ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙතෙක් හමුවී ඇති ආසාදිතයින් ගණන 84 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එසේම එම නගරයේ මිලියන 5.3ක් වන ජනතාව ගෘහස්තව ද මුඛ ආවරණ පැලඳිය යුතු අතර නගරයෙන් පිටතට ගමන් කිරීම බොහෝ දෙනෙකුට තහනම් ය.
බලධාරීන් පවසන්නේ “ඉතා භයානක” ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය එම නගරයේ පැතිරයමින් පවතින බවය.
එම ප්‍රභේදය වේගයෙන් පැතිරයන කොවිඩ් ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන තිබේ.
පසුගිය දෙසැම්බර් මාසයෙන් අනතුරුව සිඩ්නි නගරයෙන් වාර්තා වූ විශාලතම කොවිඩ් පොකුර ලෙස මෙය හැඳින්වේ.
නමුත් වර්තමාන තත්ත්වය හේතුවෙන් එම නගරයේ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද, සංචරණ සීමා සහ සමාජ දුරස්ථභාවය ගැන වැඩි සැලකිල්ලක් යොමු කිරීමට බලධාරීන් ක්‍රියාකරමින් සිටී.