මසකට අධික කාලයක් පුරාවට දිගහැරුණු ලෝක කුසලාන පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලිය අද ඔස්ට්‍රේලියාවේදී නිමාව දුටුවා.
2016 වසරේ දී තමන්ගේ අත්වැරදීමෙන් ගිලිහි ගිය ලෝක කුසලාන පන්දුවාර 20 කිරුළේ අභිමානය ඉන් වසර 6කට පසු ක්‍රිකට් උපන් එංගලන්තයට දිනා දෙන්නට බෙන් ස්ටොක්ස්ට අද හැකියාව ලැබුණා.
ඒල 2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී පාකිස්ථානය කඩුළු 05කින් පරාජය කරමින්.
එංගලන්තය පන්දුවාර 20 ලෝක කුසලානයක අභිමානය සිය රටට රැගෙන ගිය දෙවැනි අවස්ථාව ද මෙයයි.
1992 එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගය ප්‍රති නිර්මාණය කරමින් මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී පාකිස්ථානයේ ප්රතිමල්ලවයන් බවට පත්ව තිබුණේ ක්‍රිකට් උපන් එංගලන්තයයි.
2009 පන්දුවාර 20 ලෝක ශූරයින් ලෙසින් පාකිස්ථානය මෙම තරගයට පිවිසෙද්දීල 2010 පන්දුවාර ලෝක ශූරයින් වූ එංගලන්තය මෙම තරගයට එක්වුණේ වත්මන එක්දින ලෝක ශූරයින් ලෙස සිය ඔටුන්න හිසෙහි
දරා ගනිමින්.
වෙන කවරදාකටත් වඩා මෙම තරගය පැවති මෙල්බර්න් නුවර කාලගුණය ගැන ලොව පුරා අවධානය යොමු වුණේ අවසන් මහා තරගයට පෙරම ඔස්ට්‍රේලියා කාලගුණික දෙපාර්තමේන්තුව විසින් අද වැසි ඇද හැලීමේ සම්භාවිතාව 95%ක ඉහළ අගයක් පුරෝකථනය කිරීම නිසයි.
ඒ හේතුව නිසාම අද තරගය පවත්වන්නට හැකිවෙයි ද යන්න ගැන දෙගිඩියාවෙන් එංගලන්ත සහ පාකිස්ථාන ක්‍රීඩකයින් අවසන් සටනට එක්වුණත්ලදහස් සංඛ්‍යාත වූ ක්‍රීඩා ලෝලීන් නම් එම පුරෝකථනය මායිම් නොකරමින් මෙම තරගයේ උණුසුම විඳ ගන්නට ඵක්ඨ පිටියට කල්වේලා ඇතිවම පැමිණියා.
කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවේදී එම වාසනාව එංගලන්ත නායක ජෝස් බට්ලර්ගේ පැත්තට කැරකී යද්දී ඔහු දෙවරක් නොසිතම පළමුව පන්දුවට පහර දෙන්නට බාබර් අසාම් ප්රමුඛ පාකිස්ථානුවන්ට ආරාධනා කළා.
ඒ යම් අයුරකින් මෙම තරගය අතරමැදදී වාර්ශාවෙන් බාධා එල්ල වුවහොත් එම වාසිය සිය කණ්ඩායමට ගැනීමේ යටි අරමුණ ඇතිවයි.
මෙවර ලෝක ශූරයින්ට පිරිනැමීමේ කුසලානය ක්‍රීඩාංගණයට රැගෙන ඒමේ ගෞරවය පසුගියදා MCG විශිෂ්ඨතමයන් අතරට එක්වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ශිවනරින් චන්ද්‍රපෝල් වෙත හිමි වුණා.
දෙරටේ ජාතික ගීයේ අභිමානයෙන් අනතුරුව පාකිස්ථාන ඉනිම ආරම්භ කළේ නායක බාබර් අසාම් සමඟින් මොහොමඩ් රිස්වාන්.
තරගයේ ආරම්භය පටන් එංගලන්ත පන්දුයවන්නන් ගෙදරදී කළ වැඩ ටික අකුරටම ඉටුකරමින් බාබර්ට සහ රිස්වාන්ට පීඩනය එල්ල කළේ පාකිස්ථානයේ මැද පෙළ එතරම් ශක්තිමත් නොවන බව ඔවුන් හොදින්ම දන්නා නිසාවෙන්.
එහි ප්‍රතිඵලය බවට පත්වුණේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 29කට සීමා කරමින් රිස්වාන් ලකුණු 15කට දැවී යාමයි.
අනතුරුව පිටියට පිවිසුණු මොහොමඩ් හැරිස් ද වැඩිවෙලාවක් යන්නට මත්තෙන් ක්‍රීඩාගාරයේ යළි සුවපහසු අසුනක් වෙන් කරන්නට ආදිල් රෂීඩ් හැකියාව ලැබුණා.
ඒ අතරවාරයේදී තුන්වැනි කඩුල්ලට ලකුණු 39ක් එක්කරමින් සිය කණ්ඩායම ස්ථාවර කරන්නට බාබර් සහ ෂාන් මසූඩ් උත්සහයක් දැරුවත් ඊට තිත තැබුවේ ආදීල් රෂීඩ් රැකගත් මේ සුපිරි උඩ පන්දුවයි.
ඒ නායක බාබර්ගේ ඉනිම ලකුණු 32කට සීමා කරමින්.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෂාන් මසූඩ්ගේ ලකුණු 38ට සහ ශඩාබ් ඛාන්ගේ ලකුණු 20 හැරුණු කොට අනෙකුත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට හෝ පැමිණෙන්නට එංගලන්ත පන්දු බල ඇණිය ඉඩ ලබා නොදුන්නේ පාකිස්තාන ඉනිම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137කට සීමා කරමින්.
ඒ ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 16ක් තුළ බිඳ දමමින්.
යන්තම් වයස අවුරුදු 24ක් වන සෑම් කරන් සිය පන්දුවාර 4දී ලකුණු 12ක් පමණක් ලබා දී කඩුලු 3ක් දවා ගත්තා.
මීට අමතරව ආදීල් රෂීඩ් සහ ක්‍රිස් ජෝර්ඩන් කඩුලු 2ක බැඟින් බිඳ දැමුවා.
අවසන් තරගයේ පළමු භාගය සාර්ථකව අවසන් කළ එංගලන්ත ක්‍රීඩකයින් ජයග්‍රහණය සඳහා බැලු බැල්මට ලකුණු 138ක පහසු ඉලක්කය හඹා යන්නට පිටියට පිවිසියා.
නමුත් සටන ලෙහෙසියෙන් අත් හරින්නට අකමැති වූ ෂහීන් ෂා අෆ්රිඩි ඇලෙක්ස් හෙල්ස් එක් ලකුණට පිටියෙන් ඉවත් කළේ මෙම ඉලක්කයට හිතන තරම් ලෙහෙසියෙන් ගමන් කරන්නට සිය ක්‍රීඩකයින්ට ඉඩ නොදෙන බවට පළමු ඉඟිය ලබා දෙමින්.
ඉන් පන්නරය ගත් හරිස් රවුෆ්ල ෆිල් සෝල්ට් ලකුණු 10කට සහ භයානක පිතිකරු ජෝස් බට්ලර් ලකුණු 26කට දවා ගත්තේ තරගයේ ජය දෙපිලටම විවෘත කරමින්.
ඒ වන විට එංගලන්ත ලකුණු පුවරුව කියවී තිබුණේ කඩුලු 3ක් දැවී ලකුණු 45ක් ලෙසටයි.
ලකුණු 20ක් ලබා සිටිහැරී බෘෘක්ගේ උඩපන්දුව රැක ගන්නට යාමේදී පාකිස්ථාන පන්දු බලඇණියේ ප්රබලතම තුරුම්පුව වූ ෂහින් ෂා අෆ්රිඩි ආබාධයකට ලක්වුණේ දිනේ වාසිය පාකිස්ථානය සතු නොවන බවට තහවුරු කරමින්.
අවසන් පන්දු වාර 5ට ජයග්‍රහණය සඳහා ලකුණු 41ක ඉලක්කයක් එංගලන්යට හිමිවෙද්දි ආබාධයකට ලක්වු අෆ්රිඩි පිටියෙන් ඉවත් වුණේ පාකිස්ථානයට එක් පන්දු යවන්නෙකුගේ හිඩයක් මතු කරමින්.
එම හිඩස පුරවන්නට ඉෆ්තිකාර් අහමඩ්ට පන්දු අතර ගන්නට සිදුවෙද්දි ඔහු ක්‍රියාත්මක කළ පන්දු 5 දී ලකුණු 14ක් උඳුරා ගනිමින් මෙම තරගයේ තීරණය උඩු යටිකුරු කරන්නට බෙන් ස්ටෝක් නම් වූ මේ විශිෂ්ඨ පිතිකරුවාට හැකියාව ලැබුණා.
ඉන් පන්නරය ගත් මොයින් අලීද පාකිස්ථාන පන්දු යවන්නන්ට රිසිසේ පහර එල්ල කරද්දී එංගලන්ත කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය කරා රැගෙන යන්නට 2019 එක්දින ලෝක කුසලානයේ දී මෙන් ස්ටෝක්ස්ට හැකියාව ලැබුණා.
ඒ ක්‍රීඩා ලෝලීන්ට කිසි දිනෙක අමතක නොවන අර්ධ ශතකයක් වාර්තා කරමින්.
ස්ටෝක්ස්ගේ පිත්තෙන් ජයග්‍රාහී පහර එල්ල කරන විට එංගලන්ත ලකුණු පුවරුව කියවී තිබුණේ කඩුළු 5ක් දැවි ලකුණු 138ක් ලෙසින්.
ජයග්රහණයෙන් උද්දාමයට පත් එංගලන්ත ක්‍රීඩකයින් මෙලෙසින් ක්‍රීඩා පිටියට දිව ආවා 2016 දී තමන්ගේ අතින් නැතිවී ගිය පන්දුවාර 20 ලෝක කුසලානයේ අමිහිරි මතකයට තිත තැබු බෙන් ස්ටෝක්ස් ජයග්‍රහණයේ සතුට සැමරුවා.
මීට පෙර 2010 වසරේ දී පන්දුවාර 20 ලෝක කුසලානයේ ශූරතාව එංගලන්තය දිනා ගත්තේ වත්මන් එංගලන්ත එක්දින සහ පන්දුවාර 20 ප්‍රධාන පුහුණුකරුවන පෝල් කොලින්වුඩ්ගේ නායකත්වයෙන් වීමත් දෛවෝපගත සිදුවිමක් වනවා.
තරගයේ සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයටම හිමිකම් කීවේ එංගලන්තයේ සෑම් කරන්.
කෙසේවෙතත් මෙවර තරගාවලියේ වැඩිම කඩුළුලාභියා බවට පත්වන්නට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගට හැකියාව ලැබුණු අතර තරගාවලියේ දී ඔහු බිඳ දැමු කඩුළු සංඛ්‍යාව 15ක්.
ඒ අනුව 2022 ලෝක ශූරයින්ට හිමි කුසලානය දිනු එංගලන්ත ක්‍රිඩකයින් ජය පැන් පානය කළා.
කුසලානය සමග එංගලන්ත කණ්ඩායමට හිමි වූ තෑගි මුදලේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 1.6ක්.
තරගයෙන් අනතුරුව ජයග්‍රහණයේ සතුට සමරන්නට එංගලන්ත ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන් සහ දරුවන්ද එක්වුණා.