ශ්රී ලංකාව ක්රිකට් ලෝක කුසලානය ජයග්රහණය කොට අදට (17) වසර 25ක් සපිරේ.
ඒ නිමිත්තෙන් 96 ක්රිකට් ලෝක කුසලානය ශ්රී ලංකාවට දිනා දුන් අර්ජුන රණතුංග ප්රමුඛ සියළු ක්රීඩකයින් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයට කැඳවීමට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
වසර 25 ක් සපිරෙන 96 ක්රිකට් විජයග්රහණයට උර දුන් ක්රීඩකයින් සඳහා මෙහිදී තිළිණ ප්රදානයක් ද සිදු කෙරෙන අතර එම සැමරුම වෙනුවෙන් සමරු මුද්දරයක් ද නිකුත් කිරීමටයි නියමිතය.
96 ක්රිකට් ලෝක කුසලානය දිනූ ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයින්ට වසර 25 ක් පුරා නොලැබුනු, ශ්රී ලංකා ක්රිකට් ආයතනය භාරයේ තිබෙන සමරු පදක්කම් අද දිනයේදී එම ක්රිකට් විරුවන් වෙත ප්රදානය කිරීමට ද නියමිතය.