බංග්ලාදේශ “ඩකා ප්රේමියර් ලීග්” තරඟයක් අතරතුරදී කලහකාරී සහ අශෝභන ලෙස හැසුරුණු බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායමේ ශකීබ් අල් හසන්ට එරෙහිව තරඟ තහනමක් පැනවීමට එරට ක්රිකට් බලධාරීන් කටයුතු කර තිබේ.
ඒ අනුව DPL තරඟාවලියේ තරඟ 3ක තහනමක් සහ අමෙරිකානු ඩොලර් 5,800ක දඩයක් ඔහුට නියම කර ඇති බව වාර්තා වේ.
ඔහු තමා කළ වරද පිළිගත් බවද සඳහන් විය.
අභහානි සහ මොහමඩීන් කණ්ඩායම් අතර පැවති 20/20 තරඟයකදී ඔහු පන්දු යවමින් සිටින අවස්ථාවේදී මුශ්ෆිකුර් රහීම් ට එරෙහිව කඩුල්ල මුවා කිරීම සම්බන්ධයෙන් ෂකීබ් කළ ඉල්ලීම විනිසුරුවරයා විසින් ප්රතික්ෂේප කළ විට සහ අයහපත් කාලගුණය හේතුවෙන් විකට්ටුව ඇති පෙදෙස ආවරණය කිරීමට විනිසුරුවරයා තීරණය කළ විටත් ඔහු කඩුලු වලට පයින් පහරදෙමින් සහ ඒවා උගුල්ලා දමමින් පිටියේ කලහකාරී ලෙස හැසිරුනි.