කොවිඩ් අවදානම හේතුවෙන් වසාදැමුණු ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බන් නුවර හෙට (11) සිට යළි විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
කෙසේවෙතත් විවිධ සංචරණ සීමාවන්ට යටත්ව මෙල්බන් නගරය විවෘත කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරින් තීරණය කර ඇත.
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් පසුගිය මස 27 වනදා සිට මෙල්බන් නුවර වසා දැමුණු අතර ඉන් පුද්ගලයින් මිලියන 05ක පමණ පිරිසකට බලපෑම් එල්ල විය.
ඔස්ට්‍රේලියාවෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 30,200 දෙනෙකු සහ මරණ 910ක් වාර්තා වී ඇති අතර සමස්ත මරණවලින් සියයට 90ක්ම වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.