පරණ දේවල්වලට තියෙන ඉල්ලුම දිනෙන් දින වැඩි වෙනවා. ඒ අතරේ පරණ දේවල් එකතු කරන උදවියත් ලෝකේ පුරා ඕනෑ තරම් ඉන්නවා. ඒ වගේ පරණ දේවල්වලට කැමති පිරිසක් එකට හමුවුණොත් කොහොමට තියෙයිද?
පහුගිය සතියේ ඒ වගේ එකම විදිහට පරණ වාහනයකට ආදරය කරන පිරිසකගේ හමුවක් තිබුණා. ඇත්තටම ඒක පොඩි කල්ලියක් කිව්වත් එහි ඇති වැරැද්දක් නැහැ. මේ කල්ලියේ කවුරුවත් මීට කලින් එකිනෙකා හමුවෙලා තිබුණේ නැහැ. මෙච්චර කල් ඔවුන්ගේ වාද විවාද සිදුවුණේ ෆේස් බුක් ගෘෘප් එකක පමණයි. ඒ වාද විවාද අන්තිමට මේ විදිහට හමුවක් බවට පෙරළුණා.
වෛද්‍යවරු, ව්‍යාපාරිකයෝ ආදී විවිධ ක්ෂේත්රවල උදවියගෙන් සැදුම්ලත් මේ කල්ලියේ හමුවීම සිදු වුණේ ලෑන්ඩ් කෘසර් 80 සීරිස් ජීප් රථය නිසයි. ඒ නිසා මේ කල්ලියට ‘ලෑන්ඩ් කෘෘසර් 80 ගෲප් ඕනර්ස් ක්ලබ්’ කියලා නම වැටිලා තිබුණා. ලෑන්ඩ් කෘෘසර් 80 සීරිස් ජීප් රථ හිමිකරුවන් මේ ආකාරයෙන් එකට හමු වූ පළමු අවස්ථාව බවටත් මෙය සඳහන් වෙනවා.
80 සීරිස් කිව්වට මේ වාහනේ මුලින්ම නිෂ්පාදනය වන්නේ 90 දශකය ආරම්භයේ. ඒ නිසා ලෑන්ඩ් කෘෘසර් 80 සීරිස් වාහනයක් දැන් අවුරුදු 30කට වඩා පැරණියි. නිෂ්පාදිත වර්ෂයේ පටන් ලොව පුරා ලෑන්ඩ් කෘෘසර් 80 සීරිස් වාහන මිලියන දෙකක් පමණ අලෙවි වී තිබෙනවා. ඒ අතරින් දැනට ලංකාවේ ඒ වර්ගයේ වාහන තියෙන්නේ 50කට ආසන්න සංඛ්‍යාවක් කියලත් කියැවෙනවා. හෝමාගමින් ගමන ඇරඹූ මේ කල්ලියට විවිධ ආකාරයෙන් නවීකරණය කරපු ලෑන්ඩ් කෘෘසර් 80 සීරිස් ජීප් රථ 9ක් එකතු වුණා. එතැන් පටන් ඔවුන් රත්නපුර, බළන්ගොඩ, නාංපේරිය, ඔහිය, යකාගේ පඩිපෙළ, හෝර්ටන්තැන්න, අඹේවෙල, පට්ටිපොළ හරහා නුවරඑළිය දක්වා ගමන් කළා.
ගමන ආරම්භයේ පටන් කලබලයකින් තොරව රථ පෙළ එකටම ගමන් කළා. එකම ජාතියේ පාට පාට රථ පෙළක් ඉදිරියට ඇදෙද්දී මාර්ගයේ එහා මෙහා යන කාගෙත් ඇස යොමු වුණේ රථ පෙළ දෙසට. පරණ වුණත් ගාම්භීර පෙනුමකට හිමිකම් කියන මේ රථ පෙළ දෙස දිහා බලන ඕනෑම කෙනෙක්ට රටේ ප්රමුඛ පෙළේ පාර්ශ්වයකගේ ස්කොඩ් එකක් යැයි කියා අනිවාර්යයෙන්ම සිතෙන්නට ඇත.
කඳු, පල්ලම්, මඩ, වළවල් ඕනෑම දෙයකට ඔරොත්තු දෙන අයුරින් සකසා තිබුණු මේ වාහන තම ගමන් මගේදී අනතුරුවලට ලක්ව තිබුණු වෙනත් වාහනවලට උදව් දෙන්නත් අමතක කළේ නැහැ. දින තුනක් වූ මේ ගමනේදී ඔවුන් කිලෝමීටර් 450කට වැඩි දුරක් ගමන් කරලා තිබුණා. කොහොමත් මේ වාහන ප්‍රසිද්ධ දුරින් වැඩි ගමන්වලට නිසා කිලෝමීටර් 450 කියන්නේ වාහනේටනම් සුළු දුරක්. ඒත් ඒ කිලෝමීටර් ගණන සම්පූර්ණ කිරීමේදී පර්ස් එකට නම් ඒක එච්චර සුළුපටු දෙයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ මේ කාණ්ඩයේ නවීකරණය කරන ලද වාහනයක් ඩීසල් ලීටරයකට ආසන්න වශයෙන් කිලෝමීටර් 4ත් 6ත් අතර දුරක් ගමන් කරන නිසා. ඒ විදිහට ලීටරයට දුවන දුර අඩු වුණත්, වාහනේ වටිනාකමේනම් අඩුවක් වෙන්නේ නැහැ. ලෑන්ඩ් කෘෘසර් 80 සීරිස් කාණ්ඩයේ හොඳටම නවීකරණය කළ වාහනයක් කෝටියකට කිට්ටු අගයකටත් අලෙවි කිරීමට එච්චර අමාරු නැහැ කියලා කියනවා.
මේ සංචාරය සඳහා එක්වුණු ගයාන් දිලූක තිලකරත්න අපිට කිව්වේ මේ වගේ දෙයක් ‘‘මේ වාහන ගොඩක් භාවිත කරන්නේ දුර ගමන්වලට. මේ කාණ්ඩයේ වාහන සීමිත ප්‍රමාණයක් ලංකාවේ තියෙන නිසා පරණ වුණත් මේ වාහනවලට අදටත් සෑහෙන ඉල්ලුමක් තියෙනවා. හැබැයි මේ වාහනයක් පාවිච්චි කරන කෙනෙක් ලේසියෙන් විකුණන්නෙත් නැහැ. ඒ වගේම මේ වගේ වාහනයක් නඩත්තු කරනවා කියන එකත් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි’’ යැයි කීවේය.
‘ලෑන්ඩ් කෘෘසර් 80 ගෲප් එකක් ඕනර්ස් ක්ලබ්’ එකට තවත් සාමාජිකයන් එකතුකර ගන්න ඔවුන්ගේ අදහස වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන් පොදුවේ ලෑන්ඩ් කෘෘසර් 80 සීරිස් ජීප් වර්ගයේ වාහන තියෙන හිමිකරුවන්ට මේ සඳහා එක්වෙන මෙන් ආරාධනා කරනවා. සිය සාමාජිකයන් සංඛ්‍යාව තවදුරටත් වැඩකර ගැනීමෙන් පසුව ඔවුන්ගේ මීළඟ සැලසුම වෙලා තියෙන්නේ මේ කාණ්ඩයේ වාහනවලින් ලංකාව වටේම සවාරියක් යන්න.
ගයාශාන් විතානආරච්චි