සරත් කරුණාරත්නව අපිට මේ දවස්වල දකින්න ලැබෙන්නෙ දිවිතුරා හි සමීර ලෙසිනුයි. එ් නිසාම අපි සමීරට මේ ඉඩකඩ වෙන් කරන්න අදහස් කළා.
* දිවිතුරා සමීරට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් ප්‍රතිචාර තියෙනවා. සෑහෙන්න ප්‍රෙක්ෂකයන් පිරිසක් බලනවා කියලා තේරෙනවා. රසිකයින්ගෙන් වගේම අපේ කේෂ්ත්‍රයේ අයගෙනුත් ප්‍රතිචාර තියෙනවා. සමීරගේ චරිතය අපේ චරිතය කියලා ඒ අය කියනවා.
* ඒ කියන්නේ සමීර කියන්නේ ඇත්ත චරිතයක් ?
ඔව්. සමීර කියන්නේ මේ කේෂ්ත්‍රයේ ඇත්ත චරිතයක්. සමීරට වෙන්නේ මේ කේෂ්ත්‍රයේ ඉන්න අයට ඇත්තටම වෙන දේවල් තමයි. ගොඩක් දුරට දිවිතුරා නාට්‍යයේ චරිත සැබෑම චරිත තමයි.
* මේ චරිතයට විවේචන එල්ල වෙලා නැද්ද ?
තවම නම් විවේචන එල්ල වුණේ නැහැ. ඇත්තටම ගොඩක් දුරට ඉතින් මේක බොරුවකුත් නෙමෙයිනේ. රියැලිටි වැඩසටහන් ඇතුළේ සිද්ධවෙන ඇත්ත දේවල් තමයි මේකේ තියෙන්නේ.
* එතකොට බන්ටි?
ටීචර් අම්මා නාට්‍යයේ බන්ටි කියන්නේ ගොඩක් අහිංසක චරිතයක්. මට කාලෙකට පස්සේ ලැබුණ වෙනස් චරිතයක් තමයි බන්ටි කියන්නේ. ඒක මට අලූත් අත්දැකීමක්. ඒක මම කැමැත්තෙන් කරන චරිතයක්.
* ටෙලිනාට්‍ය කේෂ්ත්‍රය නිසා සරත්ට වේදිකාව මග හැරිලාද?
මේ කෝරෝනා තත්තවය හේතුවෙන් අවුරුදු දෙකකින් අපි වේදිකා නාට්‍යය කරල නැහැ. ඊට පෙර ප්‍රධාන ධාරාවේ තියෙන වේදිකා නාට්‍යක රැුසක මම වැඩ කරන ගමන් තමයි හිටියේ. ඒ අතර තමයි සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය සහ කොරෝනා ප්රශ්නය පැන නැගුණේ. ඒ නිසයි වේදිකා නාට්‍ය කලාව දුරස් වුණේ.
* මේ හේතුව සහ වානිජමය ගැටලූව නිසාද ඔබ මෙගා නාට්‍යයට විතරක් කොටු වෙන්නේ ?
ඇත්තටම ලංකාවේ ජීවත් වන වෘත්තීය රූපණ ශිල්පියෙක් විදිහට අපිට සිද්ධ වෙනවා ලංකාවේ තියෙන වැඩල විතරක් වැඩ කරන්න. එහෙම නැත්නම් ඔහුට පැවැත්මක් නැහැ. ඕනෑම කේෂ්ත්‍රයකට ආදාලව ඒක එහෙමයි. ඒ නිසා මටත් සිද්ධවුණා තියෙන වැඩවල රඟපාන්න. ඒක ඇතුළේ යම් යම් තෝරාබේරා ගැනීම් කරන්න මට පුළුවන්. ඒත් මේගා කියන දේවත් ටෙලිනාට්‍ය කියන දේවත් රූපණය අයින් කරලවත් මේ කේෂ්ත්‍රය රැුෙඳන්න බැහැ.
* වේදිකාවේ සම්මානනීය නළුවෙක් විදිහට මෙගා නාට්‍ය හරහා හරවත් දෙයක් කරන්න ඔබට අවස්ථාවක් ලැබිලා නැහැ කියල කිව්වොත්?
එහෙම කියන්න බැහැ. වේදිකා නාට්‍යයට වඩා ටෙලි නාට්‍යය හරහා තමයි අපිට පේ්රක්ෂකයන් අතරට යා හැක්කේ. වේදිකා නාට්‍යයක් බලන පිරිස උපරිම 500ක් වෙයි. එහෙතේ ටෙලි නාට්‍ය නරඹන පිරිස ඊට වඩා සිය ගණනකින් වැඩි. මම වේදිකා නලූවෙක් කියල ගොඩක් අය දන්නෙ නැහැ දැන්. ගොඩක් අය දන්නේ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක විදිහට විතරයි.
* ටෙලිනාට්‍ය කේෂ්ත්‍රය තුළ ඔබට ලැබුණු චරිත පිළිබඳ ඔබ තෘප්තිමත්ද?
ඔව්. මුල් කාලීනව මම රඟ පෑ සිහිනපුරය නාට්‍යයේ සීනා කියන චරිතයට මම ගොඩක් කැමතියි. තවමත් මට සීනා කියලා කතාකරන අය අදටත් ඉන්නවා. ඒ වගේම අග්නි නාට්‍යයේ සම්පත් බේබිගේ
චරිතය” ස්වාධින රූපවාහිනියේ විකාශනය වන අවසන් හුස්මතෙක් නාට්‍යයේ චරිතයට මම කැමති. සාමාන්‍යයෙන් මම කරන ඔීනෑම චරිතයක් මම කැමැත්තෙන් භාර ගත්තොත් විතරයි මම කරන්නේ.
* වෘත්තීය වෙනුවෙන් ඔබේ කැපවීම කොහොමද?
වෘත්තීය විදිහට ලොකු කැපකිරීමක් කරන්න වෙන්නේ වේදිකා නාට්‍යයේදී තමයි. මොකද එක නාට්‍යයකට අපි මාස පහක් හයක් විතර පුහුණුවීම් කරනවා. ඒ කාලය ඇතුළේ අපිට සල්ලි ලැබෙන්නේ නැහැ. එතකොට දවල්ට ටෙලිනාට්‍යය රඟපාල ?ට තමයි වේදිකා නාට්‍ය පුහුණුවීම් කරන්නේ පාන්දර වෙනකන්. මේ වෘත්තිය ඇතුළේ මම විතරක් නෙමෙයි මගේ බිරිඳ ඇතුළු පවුලේ අයත් කැප කිරීම් සිදුකරනවා.
* ලංකාවේ දැන් වැඩිපුරම ටෙලිනාට්‍ය කොපි බිහිවන්නේ ඇයි.?
ඒක මම දකින්නේ පිටපත් පිළිබඳ ගැටළුවක් විදිහට. අපිට ඉන්නේ හරිම සීමිත පිටපත් රචකයින් පිරිසක්. ඔවුන්ටගේ නිර්මාණ ගොඩනැගීමට අවශ්‍ය වස්තු බීජ තිබෙනවා. එහෙත් ඒවා ඔවුන්ට අහුවෙන්නේ නැහැ. අහුවුණත් ඒක නිර්මාණයක් විදිහට ගොඩනැගීමට දැනුමක් නැහැ. මාලා නාටකයක එක කොටසක් ඉවර වුණාම අනෙක් කොටස බලන්න පේ්රක්ෂකයා තුළ කුතුහලයක් ඇතිවිය යුතුයි. නමුත් එවැනි නිර්මාණ හරි අඩුයි. හැමෝම දකින්නේ ලේසිම දේ වෙනත් රටක කතාවක් අරගෙන ඒක ප්‍රතිනිර්මාණය කරන එක කියලා.
* රටේ පවතින තත්ත්වයත් එකක් සිනමාව සහ වේදිකාව නැවත ප්‍රතිනිර්මාණය කරන්න බැරි වුණොත් මොකද කරන්නේ ?
එහෙම නොවේවා කියල තමයි මුලින්ම කියන්න තියෙන්නේ. බැරිවෙලාවත් එහෙම වුණොත් අපිට වෙනත් මාධ්‍යයක් හොයා ගන්න සිද්ධ වෙනවා.
* ලංකාවේ දේශපාලනය සහ කලාව අතර සම්බන්ධතාව ඔබ දකින්නේ කොහොමද?
දේශපාලනය කියන දේ කලාවට විතරක් නෙමෙයි. සියලූම දේට සම්බන්ධයි. කවුරුන් හෝ කියනවා නම් මම දේශපාලනය කරන්නෙ නැහැ කියල ඒකත් යම් කිසි දේශපාලනයක් විදිහටයි මම දකින්නේ. ඒක පවතින දේශපාලනයට අනුබල දීමක්. කලාව සහ දේශපාලනයත් එකිනෙකට සම්බන්ධයි. අපේ දේශපාලනය අපේ සමාජය තමයි කලාව තුළින් ප්‍රතිනිර්මාණය වෙන්නේ.
කසුන් රණවීර