“අපි මේ විදියට ලොක්ඩවුන් නොකළොත් මෙය පාලනය කළ නොහැකි වේවි. මෙම කොවිඩ් ප්‍රභේදය පාලනය කිරීම අපහසු වී මිනිසුන් මැරෙයි.”
එසේ පැවසුවේ ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලම ජනගහනයක් සහිත වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩබලන අගමැතිවරයා වන ජේම්ස් මර්ලිනෝ ය.
වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් තවත් සතියකට වසා දැමීමට එහි බලධාරීන් තීරණය කර ඇත්තේ එම ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් පොකුර ක්‍රමයෙන් පැතිර යන හෙයිනි.
අද (03) තවත් ආසාදිතයින් 3 දෙනෙක් හඳුනාගෙන ඇති අතර මෙතෙක් හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 63කි.
විශේෂයෙන්ම කණ්ඩායම් වශයෙන් ජනතාව ගැවසීම එම වෛරස් ප්‍රභේදය වේගයෙන් පැතිරයාමට හේතුවී ඇති බව බලධාරීන් පවසයි.
ඒ අනුව මෙල්බර්න් ජූනි 10 වනදා දක්වා වසා තැබෙනු ඇත.
එහි ආසාදිතයින්ගෙන් හමුවී ඇත්තේ B.1.617.1 නම් ප්‍රභේදය වේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර ඇත්තේ “කප්පා” නමිනි.