සිංගප්පූරුවේ කොවිඩ්-19 වෛරසය මර්දනය සඳහා හඳුන්වාදුන් ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත ලබාදීම ආරම්භකර තිබේ.
ඒ අනුව, එරට බෝවන රෝග පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ හෙදියක් වන “සාරා ලිම්” විසින් එම එන්නත ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකුට පමණ ෆයිසර් බයෝ එන්ටෙක් එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදීමට නියමිත අතර එහි දෙවන මාත්‍රාව ලබන ජනවාරි මස 20 වනදා ලබාදීමට නියමිතව ඇති බව සඳහන් වේ.
කොවිඩ් මර්දනය සඳහා ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත ට අනුමැතිය ලබාදුන් පළමු ආසියාතික රට වන්නේ ද සිංගප්පූරුව යි.