මත්පැන් බෝතල්වල අලවා ඇති ආරක්ෂක ස්ටිකරය ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් හෙළිදරව් කළ, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඊයේ (24) ප්‍රකාශ කළේ ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් ලක්ෂ ගණනක් මේ වන විටත් වෙළඳපොළ තුළ ඇති බවයි.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, මෙම වංචාකාරී ආරක්ෂක ස්ටිකර් මුද්‍රණය කිරීමේ ජාවාරම පිටුපස ඇතැම් මත්පැන් නිෂ්පාදකයින් සහ ඇතැම් ජ්‍යෙෂ්ඨ සුරාබදු නිලධාරීන් සිටින බවයි.